gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සූර්යග්‍රහණය මිලියන ගණනක් නරඹලා – උතුරු ඇමෙරිකාවට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණය මෙන්න (VIDEO)

ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්යග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය, ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ සූර්යග්‍රහණය සිදුවන අයුරු සජීවීව විකාශය කළේය. යුරෝපා රටවල් කීපයකට ද මෙම සූර්ය ග්‍රහණය දිස්වූයේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය.

මෙක්සිකෝවේ මැසල්ටන් වෙරළාශ්‍රිත නගරයට ඉතා පැහැදිලිව සූර්ය ග්‍රහණය දිස් වූයේ මිනිත්තු කීපයක් දහවල රැය බවට පරිවර්තනය වෙමිනි. මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් ලෝපේස් ද සුර්ය ග්‍රහණය නැරැඹීමට උනන්දු විය.

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඊගල් පාස් සහ නිව්යෝක් වැසියන්ට සූර්ය ග්‍රහණය පැහැදිලිව දකින්න ලැබුණි.

සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය.

පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් යැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී යැයි නාසා ආයතනය වැඩි දුරටත් පවසා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka