gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාල කල්ලියක් ඝාතනයකට ගෙනා ගිනි අවියක් හා උණ්ඩ තොගයක් මාලිගාවත්තේ පාලමක් යට!

කිසියම් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පාතාල සන්නද්ධ කණ්ඩායමක් විසින් රැගෙන ආ බවට සැකකරන රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ තොගයක් මාලිගාවත්ත ඇපල්වත්ත පාලම යට සඟවා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (01දා) රාත්‍රි සොයාගෙන ඇත.

යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාලිගාවත්ත ඇපල්වත්ත විලානියා නිවාස සංකීර්ණයට යාබද පාලම යට පරීක්ෂා කිරීමේදී මෙම රිවෝල්වරය සොයා ගැනීමට හැකි විය. මෙම අවිය සඳහා යොදන ජීව උණ්ඩ 22ක් ද එහි තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය.

ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු හෝ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා මෙම අවිය ගෙනැවිත් පාලම යට සඟවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා, ස්ථානාධිපති ඇන්සල් සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka