gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

22 හැවිරිදි පෙම්වතිය සමඟ ජංගල් බීච් ගිය 16 හැවිරිදි සිසුවා අතුරුදන්.... සෙල්‍ෆියක් ගන්න ගිහින් මුහුදට වැටුණා ද? අම්මා ඇඬූ කඳුළින් කියන කතාව (VIDEO)

ජංගල් බීච් ප්‍රදේශයට ගිය 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වැඩි වයසේ පෙම්වතිය සමඟ ජංගල් බීච් ගිය සිසුවාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙලා.

උණවටුන ජංගල් බීච් ප්‍රදේශයට ගිය 16 හැවිරිදි සිසුවෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිසුවා එම ප්‍රදේශයට ගොස් ඇත්තේ පෙම්වතිය ද සමග වන අතර සිසුවාට සිදු වූ දේ ඇගේ පාර්ශ්වයෙන් වසන් කිරීමට උත්සාහ දරන බවටයි සිසුවාගේ මව චෝදනා කරන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සෙනුක දේශාන් නමැති මෙම සිසුවා ඉකුත් මාර්තු 18 වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ මව පවසනවා.

ඔහු එදින උදෑසන නිවසින් පිටව ගොස් තිබුණේ උපකාරක පංතියකට යන බව පවසමින්.

එදින පස්වරුවේ මවට දුරකථන ඇමතුමක් ලබාදී අයෙකු පවසා ඇත්තේ සෙනුක සහ ඇගේ 22 හැවිරිදි පෙම්වතිය හබරාදූව පොලිසියේ සිටින බවයි.

ඒ අනුව මව පොලිස් ස්ථානයට ගිය නමුත් පුත්‍රයා පොලිසියේ සිට නොමැති අතර එහි සිට ඇත්තේ පෙම්වතිය සහ පෙම්වතියගේ මව්පියන් ඇතුළු ඥාතීන් පමණයි.

මෙහිදී පෙම්වතිය පොලිසිය හමුවේ සඳහන් කර ඇත්තේ සිය උපන්දිනය සැමරීම සඳහා මල් සහ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් ද ගෙන සෙනුක සමග තමන් උණවටුන ජංගල් බීච් ප්‍රදේශයට ගිය බවයි.

සෙනුක සහ තමන් මත්පැන් පානය කර අනතුරුව සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දෙදෙනාම මුහුදට වැටුණු බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

එහිදී එම ස්ථානයේ සිටි පිරිසක් ඇයව බේරාගෙන ඇති නමුත් සෙනුකගේ සිරුර දින 15ක් ගතව ඇතත් තවමත් හමුවී නැහැ.

මේ හේතුවෙන් සෙනුකගේ මව සහ ඥාතීන් පවසන්නේ මෙම සිද්ධි දාමය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka