gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලක්ෂ 20ක් එහා මෙහා වීමෙන් අසල්වැසියා සිදුකල අපරාදය: සැකකරු පළා ගිහින්, සැකකරු සොයා පොලිස් විමර්ශණ!

ඉඩමක් විකිණීමේදි ඇතිවූ බව කියන ආරවුලක් දුරදිග යාමෙන් හොරණ මොරගහහේන ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවසට ඇතුලු වූ අසල්වැසියෙක් ඇගේ සිරුරට ගිනි තබා පලා ගොස් තිබෙනවා.

ගිනි ගැනීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත් සඳහන්.

කාන්තාවගේ නිවස ආසන්නයේම පදිංචි සැකකරු ඔහුට අයත් නිවස සහ ඉඩම කාලයක සිට විකිණීම සඳහා උත්සහ දරා ඇති අතර මුල් කාලයේදී එය රුපියල් ලක්ෂ 60ක මුදලකට විකුනණ බව ප්‍රචාරය කර ඇතත් එම අවස්ථාවේදී ගැණුම්කරුවෙකු සොයා ගැනීමට නොහැකිව ඇති බවත් සඳහන්.

පසු කාලීනව ප්‍රදේශයේ දියුණුවත් සමග අදාල ඉඩම නැවත ලක්ෂ 80කට විකිණීම සඳහා අදාල සැකකරු ප්‍රචාරණය කර ඇති අතර ඒ අනුව ගැණුම්කරුවෙකු ඉදිරිපත්වී අතිකාරම් මුදල් ලෙස රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දී ඇතැයිද පොලිස් විමර්ශණවලදී අනාරණය වී තිබෙනවා.

කෙසේ නමුත් අදාල ගැනුම්කරුට මෙම ඉඩම ලක්ෂ 60කට විකිණීමට තිබූ ඉඩමක් බව පැවසීමත් සමග ගැනුම්කරු ඉඩම් හිමියා සමග මේ බව පවසා අතිකාරම් මුදල නැවත ඉල්ලා ඇතැයිද සඳහන්.

මෙම සිදුවීමෙන් කෝපයට පත් අදාල ඉඩම් හිමියා මෙලෙස කාන්තාවගේ නිවසට පැමිණ අදාල කාන්තාවට මෙලෙස ගිනි තබා ඇතැයිද පොලිස් විමර්ශණයේදි අනාවරණය වී තිබෙනවා.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස විශේෂ විමර්ශණ ඒකකය සහ මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka