gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ පොල් ගෙඩියකට හිමි වූ අදහාගත නොහැකි මිල : පොර පොල් තරඟක් වෙනුවෙන් වෙන්දේසි කිරීමේදි නියම වූ මිලක්!

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000ක මිලකට වෙන්දේසි වී තිබෙනවා.

සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ පොල් වෙන්දේසිය සංවිධානය කර තිබුණා.

එහිදී පොර පොල් තරඟය වෙනුවෙන් විශේෂිත වූ පොල් ගෙඩි කිහිපයක් තෝරාගෙන එම පොල් තරඟකරුවන් වෙනුවෙන් වෙන්දේසි කිරීමට සංවිධයකයින් පියවර ගෙන තිබෙනවා.

තෝරාගෙන තිබූ අනෙකුත් සියලු පොල් එක් ගෙඩියක් රුපියල් දහසකට අධික මුදලකට වෙන්දේසි වූ අතර ඒ අතරින් එක් ගෙඩියක් තරඟකරුවන් කිහිප දෙනෙකු ලබාගැනීමට ගත් උත්සහයකදී මෙලෙස රුපියල් 4000 ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

පරම්පරික්ව එන පොර පොල් තරඟය යාපනය ජනතාවගෙන් අමතක නොවීම උදෙසා සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් වාර්ෂිකව මෙලෙස පොර පොල් තරඟයක් පවත්වනු ලබනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka