gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙල්බන්හි ශ්‍රී ලාංකික බැංකු නිලධාරියෙක් නිසා දැවැන්ත මූල්‍ය වංචාවකින් ගැලවුණු කාන්තාවක් කියන කතාව...

සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ තම පෙම්වතා බව කියන පුද්ගලයෙකුගේ මුල්‍ය වංචාවකට හසුවීමට ගිය මෙල්බන් පදිංචි කාන්තාවක් ඉන් බේරා ගැනීමට ශ්‍රී ලංකික බැංකු නිලධාරියෙකුට හැකිවී තිබෙනවා.

අදාළ කාන්තාව තම පෙම්වතා බව කියන විදේශිකයෙකුට මුදල් යැවීම සඳහා ජාතික ඔස්ට්‍රේලියානු බැංකුවේ (NAB) මෙල්බර්න් ශාඛාවකට ගොස් තිබුණා.

එහෙත් එම බැංකුවේ පාරිභෝගික උපදේශක නිලධාරියා ලෙසට සිටි ශ්‍රී ලංකිකයෙකු වන ඩිලාන් පතිරණට මෙම කාන්තාව ලබාදුන් තොරතුරු පිළිබඳ ඇති වූ සැකයක් මත වැඩිදුරටත් සොයා බලා තිබෙනවා.

වයස අවුරුදු 60ක් පමණ වන කාන්තාවට බැංකුවට ගොස් මුදල් යැවීමට උදව් අවශ්‍ය බව පැවසුව ද ලබන්නාගේ වාසගම තමන් නොදන්නා බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

කාන්තාව පෙම්වතාගේ නම සොයා ගැනීමට ඇයට ලැබුණු කෙටි පණිවුඩ ශ්‍රී ලංකික බැංකු සේවකයාට පෙන්වා ඇති අතර එහිදී ඔහු සිද්ධිය පිළිබඳ කරුණු වටහාගෙන තිබුණා.

කෙසේ වෙතත්, එම කාන්තාව දැඩි ලෙස ප්‍රකාශ කර ඇත්තේ තුර්කියේ සිටින තම පෙම්වතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට ඩොලර් 2000ක් යැවිය යුතු බවයි.

එහෙත් මෙම කාන්තාවට සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ පෙම්වතාගේ ගිණුම අත්හිටුවා ඇති බැවින් එම මුදල් යැවීමට නොහැකි වූ බවයි ඩිලාන් පතිරණ කියාසිටියේ.

මුදල් ලබා දෙනු ලබන්නේ කාට ද යන්න ඇය නොදැන සිටි අතර එම පුද්ගලයා ඇය කිසි විටෙකත් මුණගැසී නොතිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකික බැංකු සේවකයා ඔස්ට්‍රේලියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ මෙවැනි මුල්‍ය වංචාකරුවන් ඉතා කපටි වන අතර මිනිසුන්ගේ කරුණාව හේතුවෙන් එවැනි වංචනිකයන්ට හසුවන බවයි.

අනතුරුව බැංකුවේ මූල්‍ය වංචා විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මෙම කාන්තාව වංචාවකට හසුවී සිටින බවට දැනුවත් කර ඇති අතර ඇය මෙම වංචාවෙන් ගලවා ගැනීම පිළිබඳ ශ්‍රී ලාංකික බැංකු සේවකයාට ස්තූතිවන්ත වී තිබෙනවා.

ඇයට බැංකු නිලධාරීන් උපදෙස් ලබා දෙමින් සිටියදි සැකකාර විදේශ ජාතිකයා මෙම කාන්තාවට ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඇය කළ කරුණු විමසීම්වලින් සැකකරුගේ වංචාව පිළිබඳ වටහා ගත් බව සඳහන්.

NAB බැංකුවේ පාරිභෝගික වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රේම සබඳතා සම්බන්ධ මුල්‍ය වංචා පිළිබඳ සිදුවීම් පසුගිය වසරේ සිට සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ ප්‍රේම සබඳතා සහ මිත්‍රත්ව වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 33ක් අහිමි වී ඇති බව ස්කෑම් වොච් (Scamwatch) ඇස්තමේන්තු කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka