gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියානු ජනප්‍රිය නිළි නේහා මෙනන්ගේ සිත් ගත්ත ඉන්දීය ප්‍රිමිය ලීගය හැඩ කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීගය ඉන්දියාවේදී අති සාර්ථක අන්දමට පැවැත්වෙනවා.

මේ දිනවල එම තරගාවලියේ දැඩි කතා බහට ලක් වෙන කණ්ඩායම් සහ පුද්ගලයින් අතරට අපේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන  මතීෂ පතිරණද ඉන්නවා.

ඊයේ දිල්ලි කැපිටල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත් වුණ තරගයේදී ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණගේ පන්දු යැවීම සහ පන්දු රැකීම ගැන ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ දැඩි කතා බහට ලක්වුණා.

ප්‍රවේගකාරි ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් වෝර්නර් ලබා දුන් උඩ පන්දුව රැක ගැනීම කාගේත් කතා බහට ලක් වුණා වගේම මතීෂ දිල්ලි ක්‍රීඩකයින්ගේ කඩුළු 3 ක් බිඳ දැමීමටද සමත් වුණා.

මේ අතරම චෙන්නායි තරුණියන්ගේ සිහින කුමරා බවට පත් වෙන්නට මතීෂ පතිරණ සමත්ව තිබෙනවා,ඔහුට අතිශය ඉහල ප්‍රතිචාර ලැබෙන අතර ඉන්දීය ජනප්‍රිය නිළියක් වෙන නේහා මෙනන්ගේ කැමතිම ක්‍රිකට් තරුව ලෙස මතීෂව හඳුන්වා තිබෙනවා.

ඇය තැබූ සටහනක් හේතුවෙන් මතීෂ සහ ඇය අතර  ආදර සබඳතාවයක් ඇති බවටද  කටකතාවක් පැතිර ගිය අතර පසුව  ඇය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ නමුත් චෙන්නායි තරුණියන්ගේ අලුත්ම සිහින කුමරා බවට පත් වෙන්නට මතීෂ පතිරණ සමත් වෙලා තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka