gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සිතට නිදහසක් නෑ..." - කළ සොරකමට දඬුවම් ඉල්ලා හිමි නමක් පොලිසියට ඇවිත්!

තමන් සිදු කළ සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තරුණ භික්ෂූන් වහන්සේ නමක ගම්පහ, යක්කල පොලිසියෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ගිහියකුව සිටිය දී කරන ලෙස වැරදි සම්බන්ධයෙන් උන්වහන්සේ දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටි බවයි.

දඬුවම් ලැබෙනතුරු හිතට සහනයක් නොමැති බව ද එම භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සිය මව සමඟ පැමිණි උන්වහන්සේ ව පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට වසර අටකට පමණ ඉහත කරන ලද මෙම සොරකම්වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට තරම් හිතට සහනයක් හෝ සැනසිල්ලක් නොලැබෙන බවයි, උන්වහන්සේ අවධාරණය කරන්නේ.

ගිහියකුව සිටියදී තමන් කළ මෙම සොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වද දෙන බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එම සොරකම්වලට දඬුවම් විඳ හිතට සහනයක් සැනසිල්ලක් ලබා ගත යුතු බැවින් පොලිසියට බාර වීමට තීරණය කර මේ බව මවට ද පවසා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව උන්වහන්සේ සිය මව සමඟ පොලිසියට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka