gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු කන්න මන්ත්‍රීලාට සති 03ක් නිවාඩු : කට්ටියක් රට – කට්ටියක් නුවරඑළියේ!

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති තුනකට ආසන්න කාලයක් නිවාඩු ලැබී ඇත.

පාර්ලිමේන්තුව ලබන 24 වැනිදා දක්වා කල්තබා ඇති හෙයින් මන්ත්‍රීවරුන්ට මෙසේ නිවාඩු ලැබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස් වන්නේ ලබන 24 වැනිදා පෙරවරු 9.30ටය.

පනත් හා රෙගුලාසි කිහිපයක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වූයේ ද දින දෙකක් පමණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නවාතැන් ගැනීමට වෙන්කර ඇති නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ කාමර සියල්ල ද මේ වන විට වෙන්කරගෙන අවසන් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩු සමයේ විදේශගත වීමට සැලසුම් කරගෙන සිටින බව ද දැන ගන්නට ඇත.(ලංකාදීප)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka