gossip lanka

ජන්ගල් බීච්හි ගසා­ගෙන ගොස් අතුරුදන් වූ පුතා ගැන වැඩිමල් පෙම්වතිය සැකයි - මව පොලි­සි­යට පව­සයි

පෞද්ග­ලික ආය­ත­න­යක පන්ති­ය­කට යාමට යයි පවසා උදේ දහ­යට පමණ නිව­සින් ගිය පුතා තම පෙම්ව­තිය සමඟ පෙම්ව­ති­යගේ උප­න්දි­නය සැම­රීම සඳහා ජන්ගල් බීච් රූම­ස්ස­ලට ගිය තරු­ණයා දින 16ක් පමණ තිස්සේ අතු­රු­දන්ව ඇතැයි ද, මෙම අතු­රු­ද­න්වීම සැක සහිත යයි තරු­ණ­යාගේ මව පව­සයි.

ගාල්ල ප්‍රදේ­ශයේ පදිංචි මොවුන් තරු­ණයා අතු­රු­ද­න්වීම සම්බ­න්ධ­යෙන් පෙම්ව­තිය පොලි­සි­යට පවසා ඇති අයු­රින් මුහු­දට වැටී රළ­ප­හ­රට ගසා­ගෙන ගියේ­නම් මේ වන­විට ඒ පිළි­බඳ තොර­තු­රක් ලැබී තිබිය යුතු යයි ද පව­සන මව මේ හේතු­වෙන් මහත් අස­රණ තත්ත්ව­ය­කට පත්ව සිටී.

ඔහු පසු­ගිය 18 වන දින මෙසේ පෙම්ව­තිය සමඟ ගොස් ඇති අතර ගාල්ල නග­රයේ සුපිරි වෙළ­ඳ­සැ­ල­කින් කේක් ගෙඩි­යක් ගෙන ඇති බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත. ඉන්පසු උප­න්දි­නය සැම­රීම සඳහා රූම­ස්සල ජංගල් බීච් ගොස් ඇති බව ද පව­සයි. මෙහි දී තව­දු­ර­ටත් මව පව­සන්නේ සවස පහේ සිට පුතුට දුර­ක­තන ඇම­තුම් ගත්තත් දුර­ක­ත­නය ක්‍රියා විර­හිත වී ඇති බවක් දැන­ග­න්නට ලැබුනේ යයි ද ඒසේ දිගින් දිග­ටම දුර­ක­තන ඇම­තුම් ගැනී­මට උත්සාහ කිරීමේ දී රාත්‍රී 7ට පමණ කිසි­යම් අයෙක් දුර­ක­තන ඇම­තු­මක් මගින් පුතාට යම් කර­ද­ර­යක් වී පොලි­සියේ සිටින බවත් එම­නිසා පොලි­සි­යට පැමි­ණෙ­න­ලෙස පැවැ­සීය.

ඒ අනුව පෙම්ව­ති­යගේ යහළු ළම­යකු අතු­රු­දන් තරු­ණ­යාගේ මව සමඟ හබ­රා­දූව පොලි­සි­යට ගිය අපට පුතා එහි නොමැති බව පෙනුන අතර තරු­ණිය පැවසූ අයු­රින් පසුව සොයා­බැ­ලීමේ දී ඔවුන් දෙදනා ගල­ක්මත සිටි­න­විට රළ­ප­හ­රක් පැමිණ දෙද­නාම මුහු­දට වැටුන බවත් එහිදී ඇය ඔරු­ව­කින් පැමිණි පිරි­සක් බේරා­ගත් බවත් තරු­ණයා මුහුදේ ගසා­ගෙන ගිය බවත් පවසා ඇත. මගේ පුතා රළ­ප­හ­රට ගසා­ගෙන ගිය බවක් තරු­ණිය පොලි­සි­යට පවසා ඇති බව වැඩි­දු­ර­ටත් දැන­ගැ­නී­මට ලැබුණු බවත් මව පව­සයි. කෙසේ වුවද තව­දු­ර­ටත් මව පැව­සුවේ තමාගේ පුතාට හොඳට පිහි­නී­මට හැකි බවත් ඔහු පාසලේ ස්විමින් කරන අයෙක් බවත් මුහු­දට වැටු­නා­නම් ඔහු දිය යටට නොයන පුද්ග­ල­යෙක් යැයි ද කෙසේ හෝ පීනා­ගෙන ඒමට හැකි අයෙක් බව කියයි.

කෙසේ වුවද සිද්ධිය සිදුවී දින ගණ­නක් ගත වුවත් තම පුතා­ගැන කිසිඳු තොර­තු­රක් නොලැ­බුණු නිසා මෙම සිදු­වීම් ගැන ප්‍රබල සැක­යක් ඇතැයි ද පව­සන මව තම පුතු නග­රයේ ප්‍රසිද්ධ පාස­ලක ඉගෙ­නුම ලබන බවත් ඔහු එම පන්තියේ ශිෂ්‍ය නාය­ක­යෙක් බවත් පව­සන අතර ක්‍රිකට් කණ්ඩා­යමේ සාමා­ජි­ක­යකු බව ද පිහි­නී­ම­ටද දක්ෂ­යකු බව ද පවසා සිටී.

සම්භ­න්ධය ඇති­ක­ර­ගෙන ඇති තරු­ණිය එම ප්‍රදේ­ශයේ තරු­ණි­යක් වන බව පැවසූ මව ඔවුන් දෙදනා අතර වයස් පර­ත­ර­යක් තිබුණු බවත් එනම් තම පුතු ඇයගේ පෙම්ව­ති­යට වඩා අඩු වයසේ පසු­වුණු බව ද කියයි. ‍එමෙන්ම අතු­රු­දන් තරු­ණ­යාගේ මව තවත් අනා­ව­ර­ණ­යක් කර­මින් පව­සන්නේ මොවුන් දෙද­නාගේ ප්‍රේම සම්බ­න්ධ­යට තරු­ණිය මීට පෙර යහ­ළුවී සිටි තරු­ණයා විරු­ද්ධව සිට ඇති බවත් ඔහු තම පුතාට පහ­ර­දී­මට සිටින බව පුතා ඔහුගේ යහ­ළු­ව­කුට පවසා ඇති බවත් දැන­ගැ­නී­මට ලැබුනේ යයි ද කීය.මේ අන­තුර පිළි­බඳ කියන සිය­ල්ලම තරු­ණිය පව­සන තොර­තුරු බවත් මොවුන් මුහු­දට වැටීම හෝ ගසා­ගෙන යාම බේරා­ගැ­නීම යන කිසි­වක් දැක ඇති කෙනෙක් හෝ තොර­තු­රක් දන්නා කෙනෙක් පොලි­සි­යට ප්‍රකා­ශ­යක් ලබා­දීම හෝ තොර­තු­රක් දීම සිදු­වූ­වා­දැයි යන්න නොද­න්නා‌ ­බව ද කියයි.

මවගේ රැක­ව­ර­ණය යටතේ සිටි පුතු අහි­මි­වීම ගැන මව දැඩි කන­ස්ස­ල්ල­කින් පසු­වන අතර තම පුතුගේ පියාද නැති බැවින් මවට පැහැ­දිලි තොර­තු­රක් තව­මත් නොලැබී ඇති බව ද පව­සයි. මෙම සිද්ධියේ තොර­තුරු එකි­නෙ­කට පර­ස්පර තොර­තුරු ලැබෙන බැවින් දරු­වාගේ අත­රු­ද­න්වීම ප්‍රභල සැක­ය­කට තුඩුදී ඇති බව පව­සන අතර මුහුදේ රළ­ප­හ­රට ගසා­ගෙන ගියා­නම් යම් තොර­තු­රක් මේ වන­විට දැන­ගැ­නී­මට ලැබිය යුතු යයි ද අව­ධා­ර­ණය කර සිටී. තම පුතු තව­මත් ජීවත්ව සිටින්නේ යැයි පව­සන අතු­රු­දන් තරු­ණ­යාගේ මව ඇතුළු ඥාතීන් ‌මේ පිළි­බඳ සාධා­ර­ණය ඉටු­ක­ර­දෙන ලෙස ඉල්ලා සිටී. තම පුතු මුහු­දට වැටී රළ පහ­රට හසුවී ගසා­ගෙන ගියා­නම් කුමන හෝ හෝඩු­වා­වක් ලැබෙ­න්නට ඔනෙ­මයි පව­සන තරු­ණ­යාගේ මව ඇතුළු ඥාතීන් අතු­රු­දන්ව ඇති තම දරුවා සොයා­ගැ­නීම‌ට ඔවුන්ට කළ­හැකි උප­රි­ම­යෙන් කට­යුතු කර­මින් සිටින බව ද පැවසේ.
(සුනිල් ගමගේ)

gossip lanka