gossip lanka

අරාබියේදී විදුලි සැරයට බිලි වූ සඳමාලිගේ සිරුර ඥාතීන්ට!

වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා, එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී, විදුලි සැර වැදී මියගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර පෙරේදා (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒවා තිබුණි.කළුතර, මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියක වන අතර,

ඇය මතුගම සී.ඩබ්ලිව්. ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජාහි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කර ඇත.ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙද සැල වෙත යාමට පැමිණ ඇත.

ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතියක් ඇද තිබූ අතර, ගංවතුර තත්වයත් සමග විදුලිය කාන්දු වීමට පටන් ගෙන තිබේ.

මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම, විදුලි සැර වැදීමට ලක් වී ඇත.ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකු, බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලිසැර වැදී මියගොස් තිබේ. යමිණිට විදුලිසැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ , එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටුවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන ඇත .

ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින්, තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයෙකු බවත්, මෙම භූගත විදුලි බල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ

එම පද්ධතිය ගංවතුර ආපදා තත්ත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සාජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා කරන බවත් පැවසීය.

තමන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසන ලෙස තමන් දැනුවත් කළ බව ඒ මහතා පැවසීය. ජයමිණි සේවය කළ ආයතනය මෙම මළසිරුර ශ්‍රී ලංකාවට එවීම සදහා බරපැන දරා තිබූ අතර, තවත් ඩිරාම් 4,000ක් ද එවා තිබූ බව ද එම සොහොයුරා පැවසීය. එහෙත් එරට රජයේ අතපසු වීමක් නිසා මෙම මරණය සිදු වී ඇති බැවින් මෙහි සියලුම වගකීම ඔවුන් දැරිය යුතු බව ඔහුගේ අදහස වී තිබේ.

ජයමිණීගේ සිරුර පෙරේදා (03දා) අලුයම 04.55ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒවා තිබූ අතර, එය භාර ගැනීමට ජයමිණිගේ මව, සොයුරිය, සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. මෙම මළසිරුර පිළිබඳව එරට මගින් සිදු කර ඒවා ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නොපිළිගන්නා අතර ඔවුන් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තිබේ. අවසත් කටයුතු ඊයේ (4දා) මතුගම පොදු සුසාන භූමියේ දී පැවැත්වීමට නියමිතය.
ටී.කේ.ජී. කපිල
gossip lanka