gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මමත් බිරිඳත් තවමත් ඇඳ යට" අනියම් ප්‍රේමයේ සොඳුරු බව විඳින්න ගොස් සැනෙන් අඳුරු කරගත් යුවලක්!

මගේ ප්‍රිය බිරිදට රැකියාවට යන බැව් පවසා ගෙදරින් නික්මුනෙමි..

ඒත් මා ඇත්තටම ගියේ බිරිඳගේ හොඳම යෙහෙලියගේ නිවසටයි... ඇයගේ සැමියා හමුදා නිලධාරියෙකි.. ඔහු ගෙදර එන්නේ කලාතුරකින් බැව් මා දැන සිටියෙමි..

ඇයත් සමග අනඟ රැඟුම් පටන් ගන්නවාත් සමගම ගෙදර සීනුව නාදවූයෙන් අප බොහෝ සෙයින් කලබල වුණෙමු...
කටහඬින් ඈ අමතද්දී ඒ ඇගේ සැමියා බැව් අප සැකහැර දැනගතිමු...

මම හැකි ඉක්මනින් මගේ ඇඳුම්ද රැගෙන ඇගේ ඇඳ යටට රිංගුවෙමි..
ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිට ඇයගේ සැමියා ඇයට මුදල්දී ගෙදරට අවශ්‍ය බඩු බාහිරද ඇයට අවශය ඇඳුම්ද ගන්න යැයි පවසා ඇයව නගරයට පිටත් කලේය..
දැන් නිවසේ සිටින්නේ හමුදා නිලධාරියා හා මා පමණි...

ටිකකින් ඔහු දුරකථන ඇමතුමක් දී කිසිවෙක්ට නිවසට ආරාධනා කලේය.. ඒ ගැහැණියකැයි මා සැකහැර දැනගත්තේ " වයිෆ් ටවුන් ගියා එයා එන්න සෑහෙන වෙලා යයි බය නැතුව එන්න " කියූ පසුවය...

ටිකකින් කාන්තාවක් කාමරයට පැමිණ ඉතා ආදරණීය බසින් හිමින් මුමුණමින් , සිපගනිමින් සිනාසෙමින් සිටින අතර ආයෙත් නිවසේ සීනුව නාද විය...
ටවුමෙ හරියට සෙනග ඇදුම් හෙටවත් ගන්නවා කියමින් ඔහුගේ බිරිද ගෙට ඇතුලු වනවා ඇසුන සැනින් අර කාන්තාවද බාගෙට උනා දමා තිබූ රෙදිද රැගෙන ඇද යටට රිංගුවේය....

ඔවුන් දෙදෙනා නැවත ආගිය තොරතුරු කතා කිරීමට පටන් ගත් අතර
මායි මගේ බිරිදයි කරකියාගත හැකි දෙයක් නොමැතිව හා පැටව් දෙන්නෙක් මෙන් මූණට මූණ බලාගෙන තාමත් ඇද යටය ...

( අප්‍රිකානු ජන කතාවක් ඇසුරෙන් )
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka