gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දවස් පහක් වතුර බිබී ඇලක් දිගේ ජීවිතය සොයා ආ ඔහුට ඇත්තටම වුණේ මොකද්ද..? වුණ දේ වත් හරිහැටි මතක නැති දිනේෂ් ගැන ඇහෙන කතාව මෙන්න

ඔහුට කවදාවත් තමගේ ජීවිතය නැති කරගන්න කැමැත්තක් තියෙන්නට නැතුව ඇති..

දවස් පහක් තිස්සේ ඔහු ගෙවූ ඒ දුශ්කර කාලය ගැන කියනකොටම සිහිපත් වන්නේ එපමණයි..

සිදුවුණේ මොකද්ද..? කරන්න ඕන මොකද්ද කියන්න වත් හරියට තේරුමක් නොතිබුණ ඔහු දැන් වෙද්දි පොලීසිය භාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා..

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන්ව සිටි තරුණයා වතු කම්කරුවන් පිරිසක් විසින් පෙරේදා පස්වරුවේ දැක තිබූ අතර, එම තරුණයාව නල්ලතන්නිය පොලිසිය වෙත භාරදී තිබුණා..

අදාල පුද්ගලයා නල්ලතන්නිය පොලිස් වසමට අයත් වතුයායක ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව ඇළ මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකු වැටී සිටින බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් කල්ලතන්නිය පොලිසිය වෙත කරන ලද දැනුම්දී තිබුණා...

ඔහු මුණගැසෙන විටත්, ඔහුට නිසි ආකාරයෙන් සිහියක් නොතිබුණු අතර දින ගණනාවක් නිරාහාරව සිටි එම තරුණයාව, පසුව මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබුණා...

කෙසේ වෙතත්, අදාල සිද්ධිය වූ පසු සිදු වූ දේ පිළිබඳව කිසිදු මතකයක් නොමැති බවත්, තමන්ට සිහි කල්පනාව පැමිණෙන විට තමන් ඇළ මාර්ගයක් අසල වැටී සිටි බවත් ඔහු පවසා තිබුණා..

පසුව එම ඇළ මාර්ගය දිගේ දින පහක් තිස්සේ පහළට සෙමින් බැස පැමිණි බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.. රාත්‍රී කාලයේ තමන් එම රක්ෂිතයේ තිබූ ගල් ගුහා වල කාලය ගත කළ බවත්, එම දින කිහිපය තුළ තමන් ජලය පමණක් පානය කරමින් කුසගින්න නිවාගත් අතරම, තමන්ගේ පාදයේ සුළු තුවාල කිහිපයක් ඇති බවත්, වෙනත් බරපතළ තත්ත්වයේ කිසිදු ආබාධයක් නැති බවත් පැවසුවා..

මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු එම තරුණයාව දික්ඛය මුලික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගැනුනා.. අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාත යුද හමුදා කඳවුරේ හට පිරිස්, නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, ශ්‍රී පාද උඩ මළුවේ සහ නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන් එක්ව ඉතා අවදානම් මෙහෙයුමක් පසුගිය දිනවල දියත් කර තිබුණා..

ඉකුත් 19 දා හම්බන්තොට සූරිය වැව ප්‍රදේශයේ සිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු නඩයක් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දිනේෂ හේවන්ත නමැති 33 හැවිරිදි තරුණයා ශ්‍රී පාද පද්මය වන්දනා කර ශ්‍රී පාද රත්නපුර මාර්ගයේ මඳ දුරක් ගොස් උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පහළට පනිත අයුරු ශ්‍රී පාද උඩ මළුවේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවේ දක්ක පද්ධතියේ සටහන් වී තිබුණා..

කෙසේ වෙතත් මේ වන විට ඒ තරුණයා සුව අතට පත්වෙමින් පවතින අතර, විජලන තත්වයට පත්ව සිටි ඔහු මස්කෙළිය රෝහලෙන් දික්ඔය රෝහලට ඇතුළත් කර තිබුණා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka