gossip lanka

16 හැවිරිදි දැරියක්ව ස්පා එකකට විකුණලා... රැකියාවක් දෙන බව පවසා කොළඹට ගෙන්න ගෙන...හිමිකරු දැරිය සමග පළමුව ලිංගිකව එක්වෙලා!

අන්තර්ජාලය ඔස්සේ සැලුන් රැකියාවක් ලබාදෙන බව පවසමින් කොළඹට ගෙන්වාගත් 16 හැවිරිදි දැරියක් සම්බාහන මධ්‍යස්ථානයකට අලෙවි කළ පුද්ගලයකු මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් පසුගිය දා  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම 16 හැවිරිදි මෙම දැරිය ලිංගික සේවනයට යොදාගත් බව කියන තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරු, ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු තිදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස සම්බාහන මධ්‍යස්ථානයට අලෙවි කර ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 යි මාස 09ක් වන දැරියක්.

තලවතුගොඩ මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක් සේවයේ යොදවා තිබෙන බවට ලැබුනු තොරතුරකට අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සමගින් අදාළ සම්බාහන මධ්‍යස්ථානය පෙරේදා රාත්‍රියේ වැටලීමට ලක් කළා

බාලවයස්කාර තරුණියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය ජොබ්ඇඩ් නමැති ෆේස්බුක් පිටුව ඔස්සේ රැකියාවකට අයැදුම් කළ බවත්, ඒ අනුව රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු තමා හා සම්බන්ධ වූ බවත් තමාට සැලුනයක රැකියාවක් ඇතැයි පැවසූ බවත් ඒ අනුව කොළඹට පැමිණි බවත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මෙම පුද්ගලයා අදාළ දැරිය හමුවී තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට භාරදී තිබෙන බවත්, සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු මෙන්ම කළමනාකරු ලෙස කටයුතු කළ 41 හැවිරිදි පුද්ගලයාත්, දැරිය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයාත් ඇය හා ලිංගිකව හැසිර තිබෙන බවත් අනාවරණය වී ඇති .

අත්අඩංගුවට ගත් සැකකෘවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය භාරයට ගත් බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
gossip lanka