gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 09ක් තිස්සේ දුම්රිය හරස් මාර්ග මුරකරුට පඩි දෙන්නේ ගම්මු… මාගංතොටින් ඇහෙන කතාවක්…

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මනම්පිටිය මාගංතොට ගම්මානයට පිවිසෙන අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවේ මුරකරුට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැටුපක් නොදීම නිසා ගම්මානයේ එක් පවුලකින් මසකට රුපියල් 150 ක මුදලක් එකතුකර මුරකරුට මාසික දීමනාවක් දී දුම්රිය හරස් මාර්ගය ආරක්ෂා කරගන්නා පුවතක් වාර්තා වේ.
2015 වර්ෂයේ සිටි මාගංතොට ගම්මානයේ එක පවුලකට  දුම්රිය හරස් මාර්ගයෙන් එහා මෙහා යෑමට  මසකට රුපියල්  150 මුදලක් මුරකරුට ගෙවීමට සිදු වන අතර, එය ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක සිදු නොවන සිද්ධියක් බවද ගම්වාසීහු පවසති.

මෙම දුම්රිය   හරස් මාර්ගයේ 2015 වර්ෂයේ සිට වසර 9 ක කාලයක් තුළ සේවකයින් අටකට ආසන්න සංඛ්‍යාවක් සේවය කර තිබෙන බවත්, එම මුරකරුවන්ට ගම්මානයේ එක් පවුලකින් රුපියල් 150ක මුදලක් එකතුකර සෑම මාසයකම 25 වෙනිදාට     මුරකරුට   ලබාදෙන බවත් ගම්වාසීන් සඳහන් කරති.

පවතින ආර්ථික තත්ත්වයන් අනුව ඇතැම් පවුල්වලින් මාසයකට රුපියල් 150ක මුදලවත් එකතු කරගැනීමට නොහැකි මට්ටමකට මේ වනවිට පත්වී ඇති බව ගම්මු කියති.

මේ වනවිට ගේට්ටු මුරකරු ලෙස කටයුතු කරන්නේ  අවුරුදු අසුවක් පමණ වයසැති ආර්.ආර්. විලියම් රන්කොත්ගේත් ඔහුගේ   බිරියත්  මෙම ස්ථානයේ වසර පහකට ආසන්න කාලයක් සේවය කරති.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන මනම්පිටිය මාගන්තොට ගම්මානයට පිවිසෙන දුම්රිය හරස් මාර්ගයට ස්ථීර දුම්රිය ගේට්ටු මුරකරුවෙකු යොදවා ගම්මානයේ පවුල් 150 ක පුද්ගලයන් 750 කගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ස්ථිර මුරකරුවකු යොදවා ඔහුට වැටුප් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මාගන්තොට ගම්වාසීන්  දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අප මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදි එහි නිලධාරීයෙකු සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් එම ස්ථානයට දුම්රිය ගේට්ටුවක් යෝජනා වී නොමැති බවත්, එය ගම්වාසින් විසින්   තාවකාලිකව සකසාගත් දුම්රිය හරස් මාර්ගයක් බවත්ය.

මනම්පිටිය නිමල් ජයරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka