gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියා සහ දරු දෙදෙනා එක්ක ඉතාලියේ දිවිගෙවන ඉමායා... පුංචි තිරය සහ රිදී තිරය සැරසූ ඇය යළිත් රංගනයට?

සෑහෙන කාලයක් රංගන කාර්යයෙන් බැහැරව හිටියත්... නම, රුව සහ චරිත අමතක නොවන තරමට රසිකයින්ට සමීප විය හැකියි නම්, ඒ තමයි කලාකරුවෙක් ලබන සැබෑම ජයග්‍රහණය.

ඉමායා ලියනගේ කියන්නෙ අන්න ඒ වගේ රංගන ශිල්පිනියක්.

වසර ගණනක් තිස්සේ ඈ වෙසෙන්නේ ඉතාලියේ.

නමුදු ඉමායා කළ චරිත තාම ඇයට ආදරේ කරන රසික පිරිසට මතකයි.

සමහර තැන්වල ඉමායා කියන නමටත් වඩා ජනප්‍රියයි ඈ රංගනයෙන් දායක වුණු නිර්මාණවල චරිත.

ඉමායා දැන් පැටව් දෙන්නෙක්ගෙ මවක්.

ඉවානා රකේලෙ.... අන්තෝනියෝ රෆායෙලෙ... ඒ තමයි ඉමායාගේ මුළු ලෝකෙම.

විවාහ ගිවිසගෙන ඉමායා ලංකාවෙන් යන්නෙ ඇගේ ''හොඳම කාලෙ''

ඈට ආදරේ කරන කවුරුත් කිව්වෙ එහෙම. මොකද ඒ ඇය ජනප්‍රියත්වයේ උඩින්ම උන්නු කාලයක්.

හැබැයි අර අපි කිව්වා වගේ, ලංකාවෙන් ගියා හෝ රංගනයේ නොයෙදුණා කියලා ඇයව කාටවත් අමතක වුණේ නම් නෑ.

සමාජ මාධ්‍ය තුළ නිතර සක්‍රීය චරිතයක් වන ඇය, තමන්ව එහෙම අමතක වෙන්න ඉඩදුන්නෙත් නෑ.

ඉමායා තමන්ට ආදරේ කරන පිරිස් වෙනුවෙන් සිය ආදරණීය සැමියා සහ දරු දෙන්නා එක්ක ගෙවන සුන්දර ජීවිතේ ආදරණීය මොහොතවල් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට එක්කාසු කළා.

ඉමායා කියන්නෙ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට ගිය රූ රැජිනක්.

ඒ නිසාමද මන්දා පැටව් දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් වුණත්, රස රස කෑම නිතර ඇස් රවටන ඉතාලිය වගේ රටක ජීවත් වනවා වුණත් එදා වගේම හරි ලස්සනට ඇය සිය රූපය පරිස්සම් කරගෙන ඉන්නෙ.

වේදිකාව, සිනමාව සහ පුංචි තිරය දිනූ ඉමායා නිවේදිකාවක් ද වනවා.

ඉතින්, එවන් දක්ෂතා රැසකින් පරිපූර්ණ ඇය රංගන කාර්යයෙන් ඈත් වීම සැබවින්ම ඈට ආදරේ කරන පිරිස් හට වේදනාවට කාරණයක්.

කොහොම නමුත් එහෙම වේදනාවෙන් ඉන්න රසිකයින්ට පුංචි බලාපොරොත්තුවක් ඇති කරන්න ඉමායා සුබ ආරංචියක් අරන් ඇවිත් තිබුණා.

ඒ ඇය සමාජ මාධ්‍ය වෙත එක්කාසු කළ සටහනක මෙලෙස සඳහනක් තබමින්...

''2019දී විවාහය වී කෙටි නිහැඬියාවකින් පසු අද වන විට මගේ සෙනෙහෙබර පවුල් ජීවිතයට මුල් තැන දෙමින්,

දයාබර සැමියා සහ ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවෙන් දුර බැහැරව ඉතාලියේ ස්ථීර පදිංචිව සිටියත්

ඉතාමත් නොදුරේදීම නැවතත් සුපුරුදු පරිදි ඔබ හමුවෙන්නට බලාපොරොත්තුවෙන් සිටිමි....''

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka