gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ආයෙත් රඟපාන්න ලොකු ආශාවක් තියෙනවා” – අවුරුදු 23ක් ඇමරිකාවේ ජීවත්වෙන ඩිලානි දැන් කියන කතාව

ඩිලානි අබේවර්ධන කියන්නේ සිංහල සිනමාව තුළ අමතක නොවන මතක සටහන් රැසක් ප්‍රේක්ෂකයන්ට දායාද කරපු දක්ෂ කලාකාරිනියක්.ඉතින් හිටි හැටියේම ඇය කලාවෙන් සමු අරගෙන විදෙස් ගත වෙන්න තීරණය කළා.මේ විදි ඇමරිකාවේ ජීවත්වන ඩිලානි ආදරණීය ආච්චි කෙනෙක් වෙලා.

ඒ දේවල් එක්ක තමයි ඇය කාර්යබහුල වෙලා තියෙන්නේ.තමන්ගේ ආදරණීය දියණියගේ පුතා පණ වගේ බලාගෙන ගෙදර දොරේ වැඩ කරමින් ගත කරන ජීවිතය හරිම සුන්දරයි කියලා තමයි ඩිලානි කියන්නේ.ඉතින් ණය දැන් ඇමරිකාවට ඇවිල්ලා අවුරුදු විසිතුනා. ඒ දේවල් එක්ක ආයෙ රඟපාන්න හිතෙන්නේ නැද්ද ඒ ජීවිතේ ඒකාකාරී නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ආයෙත් රඟපාන්න ආශාවක් තියෙනවා තවම මගේ වගකීම් ඉවර නැහැ.දුවගෙන් නිදහස් වුනත් පුතා තවම ඉගෙන ගන්නවා. එයාගෙනුත් නිදහස් වුණාට පස්සේ තමයි රඟපාන්න වෙන්නේ.ඉතින් හැරමිටියෙන් යන ආච්චි කෙනෙක්ගෙ චරිතයක් තමයි කරන්න වෙන්නේ.මෙහෙට ආවට පස්සේ දුව පුතා ලොකු උනා. එයාලගේ ඉගෙනීම් කටයුතු හොයා බැලුවා. එක එක උත්සව ප්‍රිය සාදවලට සහභාගී වුණා. ඉතින් අවුරුදු විසිතුනක් ගත වුණා. මේ රටේ ඉන්නවනම් අනිවාර්යෙන්ම වැඩ කරන්න ඕනේ ගෙදර වැඩත් කරනවා. පිටින් පෙන්නුවේ නැති උනාට අපි දැන් වයසට ගිහින්”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka