gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඒ වෙනුවෙන් කළ දෙයක් නොවෙයි" - වනිඳුගේ නැවත ටෙස්ට් ආගමනය ගැන නිවේදනයක්!

මාර්තු 18 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පරාජයේදී විනිසුරු තීරණයකට එරෙහිව විරුද්ධත්වය පෙන්වීම හේතුවෙන් හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවුවා. 

නමුත් තරගය අවසන් වූ විගසම සහ ICC විසින් එම තහනම පැනවීමට පෙර හසරංග ටෙස්ට් පිටියට නැවත් පැමිණෙන බවට ප්‍රකාශ කළා.

පසුව ICC තීන්දුව ඔහුගේ වැරදි ලකුණු 8 දක්වා ගෙන ගිය අතර, එයින් අදහස් කළේ ඔහුට ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ හතරක් හෝ T20I තරඟ හතරක් අහිමි වීමට සිදුවනු ඇති බවටයි.


හසරංග ටෙස්ට් සංචිතයට නම් නොකළේ නම්, තහනම හේතුවෙන් ඔහුට ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලානය ආරම්භය අහිමි වීමට ඉඩ තිබුණා.

නමුත් ඔහු ටෙස්ට් පිටියට පැමිණීම හේතුවෙන් එම තරග තහනම ටෙස්ට් තරග දෙක තහනම් වීමෙන් අවසන් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවසන පරිදි, ඔහුගේ වැඩි දියුණු කළ යෝග්‍යතා මට්ටම් සඳහන් කරමින්, ඉදිරි ටෙස්ට් ක්‍රිකට් තේරීම් සඳහා සලකා බැලීමට තමාගේ ආශාව හසරංග මාර්තු 16 වැනි දින විද්‍යුත් තැපෑලෙන් ඔවුන්ට දන්වා තිබුණ බවට cricinnfo වෙබ් අඩවිය පවසනවා.

කිසිවිටෙකත් එය 20-20 ලෝක කුසලානය නිසා ගත් හේතුවක් නොවන බවටයි සඳහන් කරන්නෙ.

මේ අතර ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික අජන්ත මෙන්ඩිස් ප්‍රකාශ කළේ හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඔහුගේ ආශාව මීට පෙරද දන්වා තිබූ බවටයි.

"ඔහු නැවත ටෙස්ට් ක්‍රීඩා කිරීමට කැමති බවට සති දෙකකට පමණ පෙර ඔහු අපට පැවසුවා," අජන්ත මෙන්ඩිස් ESPNcricinfo වෙත පවසා ඇති බවට වාර්තා කරනවා.මෙම තීරණය එක්දින තරගාවලියට පෙර ගත් තීරණයක් බවටයි සඳහන් කරන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka