gossip lanka

අපලයකට ගුරුකම් කරන්න ගිය ගුරුවරියට දරුණු ම අපලයක් වෙලා!

අපලයකට යන්ත්‍රයක් පැලඳීම සඳහා යැයි පවසා වැල්ලවාය ප්‍රදේශයේ පාසලක සේවය කරන තිස්හත් හැවිරිදි ගුරුවරියක් තිස්සමහරාම දෙබරවැව හෝටලයකට රැගෙනවිත් රැය පහන්වන තුරු අවස්ථා කිහිපයක දී එම ගුරුවරියට ලිංගික අතවරයට ලක්කළ කපුවකු අත්අඩංගුවට ගැනීමට තිස්සමහරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සෙවණගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතවරයට පත් ගුරුවරිය සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා ලද මහියංගණය, පන්තියගම, වේවත්ත පදිංචිකරුවකු වූ කේ. සුගත් හේමන්ත නමැති කපුවකු සමඟ දුරකතනය ඔස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණා.

එහිදී එම ගුරිවරියට ඇතැයි කියන අපලයකට යන්ත්‍රයක් ජපකර දැමීමට කතාකර ගැනීම සඳහා තිස්සමහරාම බස් නැවැතුම්පොළේ දී හමුවන ලෙස කපුවා ගුරුවරියට දන්වා තිබෙනවා.

ඒ අනුව 19 දින සවස තිස්සමහරාම බස් නැවැතුම්පොළේ දී ගුරුවරිය හමුවීමෙන් පසු ඇය තිස්සමහරාම දෙබරවැව හෝටලයට රැගෙන ගොස් යන්ත්‍රය පලඳවන්න යැයි පවසා ඇයගේ කර බැඳි රන් මාලයද ගලවාගෙන අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්කර ඇති බව ඇය පවසනවා.

අලුයම කපුවාට නින්ද යෑමෙන් පසු ඇය ඔහුගෙන් බේරී පලා යෑමට උත්සාහ කිරීමේ දී උඩ මහලින් පහළට වැටී ඇති අතර අවදි වී බලන විට ගුරුවරිය කාමරය නොමැති බව දැනගත් කපුවා තම බිරිඳ පැනගොස් ඇති බව හෝටල් හිමියාට පවසා කාමර කුලිය ගෙවා හෝටල් භාරයට ගෙන තිබූ ඔහුගේ හැඳුනුම්පතද ඉල්ලාගෙන ඔහු පැනගොස් ඇති බවයි සඳහන් වන්නේ.

දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බිම ඇඳ වැටී සිටි ගුරුවරිය හෝටල් හිමියා පාන්දර දැක ඇති අතර ඇය රොහල් ගතකර බවයි ඔහු පවසා සිටියේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
gossip lanka