gossip lanka

සැමියාගේ දේහය ගන්න බිරියන් දෙදෙනා රණ්ඩුවෙලා – අන්තිමේ මිනිය මල් ශාලාවේ!

මියගිය ව්‍යාපාරික සැමියාගේ මෘත දේහය නීතිඥ බිරිය සහ රජයේ ලිපිකාර බිරිය යන දෙදෙනාම ලබාගැනීමට උත්සාහ දැරීමෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන්, දෙපාර්ශ්වයේ එකඟතාව මත දේහය ප්‍රසිද්ධ මල් ශාලාවක තැන්පත් කිරීමේ සිද්ධියක් පානදුර දකුණ පොලිසියෙන් වාර්තා වේ.

පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ව්‍යාපාරිකයකු පෙරේදා (21) සිය නිවසේ දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් සිටියදී එහිදී මියගොස් ඇත.

මියගිය ව්‍යාපාරිකයා විවාහ දෙකක් කරගෙන සිටි අයෙකු බව කියති.

ඔහු මිය යද්දී දෙවැනි විවාහයේ බිරිඳ සමග ජීවත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

පළමු කසාදයේ බිරිය නීතිඥවරියක වන අතර දෙවැනි කසාදයේ බිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ලිපිකාරියක බවත් කසාද දෙකෙන්ම දරුවන් කිහිපදෙනකු සිටින බවත් සඳහන් වේ.

හදිසි මරණ පරීක්ෂණය පානදුර හදිසි මරණ පරීක්ෂක දුමින්ද අධිකාරම් පැවැත්වීය.

සිද්ධිය සමථයට පත්කළ පොලිසිය දේහයට සුදුසු පරිදි අවසන් ගෞරව දක්වා අවසන් කටයුතු කිසිදු ගැටුමකින් තොරව කරන ලෙස බිරියන් දෙදෙනාටම දැනුම් දී ඇත.
gossip lanka