gossip lanka

පරිගණක ඉංජිනේරුවරයෙක් සජීවී සෙක්ස් වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන බිස්නස් එකක් පටන් අරගෙන

අසභ්‍ය වීඩියෝ දර්ශන සජීවීව අන්තර්ජාලයට මුදාහැරීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නරඹන්නන්ගෙන් කෝටි ගණන් මුදල් ඉපයුවේ යැයි කියන මිනිස් ජාවාරම්කාර පරිගණක ඉංජිනේරුවරයකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් රහස් පොලිසියට ඊයේ (21) නියම කළේය.

තිමිර දිලුල් හෙවත් ‘රවිඳු’ නමින් පෙනීසිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කීපවරක් ඔහු සිටින ස්ථානවලට ගියත් ඔහු එම ස්ථාන වලින් පළාගොස් ඇති බව දැනුම්දෙමින් රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා තිමිර දිලුල් හෙවත් ‘රවිඳු’ නමැත්තා ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

අපේක්ෂිත ඇප අයැදුම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පරිගණක ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන තම සේවාදායකයා රහස් පොලිසිය කියන ආකාරයේ අන්තර්ජාල මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේ යැයි පැවැසීය.

පුද්ගලයන් කීපදෙනකුට තම සේවාදායකයා ඊමේල් ලිපින සකස් කර දී ඇතැයි කී නීතිඥවරයා තම සේවාදායකයා කර ඇත්තේ රහස් පොලිසිය කියන වැරැදි නම් අධිකරණයකින් ඔහුට ඇපදීමට හැකියාවක් නැතැයිද කීය.

මෙම අපේක්ෂිත ඇප අයැදුම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි විමර්ශන ඒකකය කරුණු ඉදිරිපත් කරමින්, සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව කළ විමර්ශන වලදී ඔහු මිනිස් ජාවාරම් කිරීම සහ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ ගැනෙන වැරැදි සහ දණ්ඩ නීති සංග්‍රහය පනත යටතේ ගැනෙන වැරැදි රාශියක් කර ඇති බවට තොරතුරු අනාවරණය වුයේ යැයි පැවසීය.

සැකකරු පවත්වාගෙන යන වෙබ් අඩවියක් හරහා සජීවී ලිංගික දර්ශන අලෙවි කර මුදල් උපයමින් ඔහු මිනිස් ජාවාරමක් කර ඇතැයිද ලාංකික කාන්තාවන් සහ පිරිමින් යොදා සැකකරු මෙම අසභ්‍ය විඩියෝ දර්ශන නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වූයේ යැයිද කී රහස් පොලිසිය, සජීවී ලිංගික ක්‍රියාකාරකම්වල යෙදුණු තැනැත්තන්ට වැටුප් ගෙවීම්, හෝටෙල් කාමර වැනි දර්ශන තල ලබාදීම, ඇඳුම් අයිත්තම් සැපයීම, ලිංගික උපකරණ ලබාදීම කර ඇත්තේ මෙම සැකකරු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද කීය.

සැකකරුගේ වැටුප් ලබමින් අන්තර්ජාලයට ලිංගික දර්ශන මුදාහළ තරුණ අඹුසැමි යුවළකට එරෙහි නඩුවක් මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත්, පරිගණක ඉංජිනේරුවරයකු බව කියන සැකකරුට ස්ථිර රැකියාවක් නැතත් ප්‍රධාන බැංකු ගිණුමකට රුපියල් මිලියන 200ක පමණ මුදල් බැර වී ඇති බවත් කී රහස් පොලිසිය, වෙබ් අඩවිය හරහා සජීවී ලිංගික දර්ශන විකාශය කිරීමට පෙර නරඹන්නන්ගෙන් මුදල් අය කර ඇති
බවට තොරතුරු හෙළි වී ඇතැයිද පැවසීය.

මෙම මිනිස් ජාවාරමේ මුලිකයාවන සැකකරුට අපේක්‍ෂිත ඇප නියම කිරීමට තරයේ විරුද්ධ වන්නේ යැයි රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළව කරන විමර්ශනය අත්තනෝමතික, අසාධාරණ හෝ දේශපාලන පළිගැනීමක් මත කරන්නක් බවට කරුණු අනාවරණය නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.(ලංකාදීප)
gossip lanka