gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මට මාමා ඕනෑ... මම මාමා එක්ක යනවා" - තිස් පස් වියේ තිදරු මව, හැට හැවිරිදි ඩ්‍රැයිවර් මාමා එක්ක හනිමුන් ගිහින්!

තිස් පස් හැවිරිදි මවක පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා සහ සැමියා අතරමං කර හැට හැවිරිදි ඩ්‍රයිවර් මාමා සමග අතිනත පටලවාගෙන ගිය සිද්ධියක්  මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

තිස් පස් හැවිරිදි මේ තිදරු මවගේ සැමියා ආරක්ෂක අංශයේ සාමාජිකයෙකි. ඔහු පවුලේ වැඩ කටයුතු සඳහා කුඩා ලොරියක් මිලදී ගත්තේ කලකට පෙරය. දරුවන් තිදෙනා තවමත් පාසල් වියේය. බිරිඳ සැමියා නැති ගෙදරට නිතරම ආගිය රියදුරා ඇමතුවේ මාමා යනුවෙනි.

රියදුරු මාමාත් ගෘහනියත් අතර තහනම් ඇසුරක් වැඩුණි. කල් යත් යත් මේ බව සැමියාට ද දැන ගැනීමට ලැබිණි. දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිය. ඒවා ගහ මරා ගන්නා තැනට වැටෙද්දී සිද්ධිය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුණි.

පැමිණිල්ල විභාගයට ගිය පොලිස් නිලධාරියා අමාරුවක වැටුනේ සැමියා දරුවන් තිදෙනා සමග පසෙක බලා සිටිය දී කාන්තාව රියදුරු මාමාගේ අතේ එල්ලී මට මාමා ඕනෑයි කීම නිසාය. දෙපක්ෂය පොලිසියට කැඳවාගෙන යාමට සිදුවූයේ ඒ නිසාය.

ගෙදර ලොරියේ සියලු දෙනාටම යාමට බැරි බව කී කාන්තාව ත්‍රිරෝද රථ දෙකක් ගෙන්වූවාය. මාමා සමග එක් රියකට ගොඩවූ කාන්තාව පොලිසියට යද්දී සැමියාට දරුවන් සමග අනෙක් ත්‍රිරෝද රථයේ නැගී පොලිසියට යාමට සිදුවිය.

දෙපක්ෂය කැඳවූ පොලිස් පරීක්ෂකවරයා දන්නා තරමින් හොඳ නරක කියා දුන්නේය. අනාගතයේ ඇති විය හැකි විපාක පිළිබඳව ද දැනුම්වත් කරනු ලැබුවේ දරුවන් තිදෙනකු අසරණ වීමෙන් සමාජයට සිදුවන අවැඩ ගැන කියා දෙමිනි. කෙතරම් කාලය ගත කළත් පලක් නොවීය.

“මට මාමා ඕනෑ මම මාමා එක්ක යනවා” කාන්තාව පැවසුවේ මාමාගේ අතේ එල්ලී සුරතල් වෙමිනි. මාමා ද කටහඬ අවදි කළේය.

''දුවට මාව ඕනෑම නම් මම එපා කියන්නේ කොහොමද'' ඔහු කීවේය. අන්තිමේ තමන් මාමා සමග යන බව පොලිස් පොතේ සටහන් කර නව යුවළක් මධුසමයට යනවා සේ කාන්තාව පොලිසියෙන් පිටව ජයග්‍රාහී ගමනින් පියමැන්නේ ආදරණීය සැමියාත් කඳුළු පිරි තෙන් හයක් ඇතිව දරුවන් තිදෙනාත් බලා සිටියදීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka