ඇයත් දියණියක් තවත් ගෙදරක සෙනෙහසෙන් හැදී වැඩෙන.. තවමත් හිරිමල් වියේ ඉන්න ඇගේ ජීවිතය දැන් ගොඩක් අඳුරු වෙලා..
ඒ ඇයි කියලා ඇහුවොත් ඔබේ හදත් කම්පා වේවි..
ඇය රකින්න අම්මාත් , අම්මාගේ මවත් ගොඩක් වෙහෙසෙනවා.. දෑස් අඳ සීයත් ගොඩක් වෙලාවට මහන්සි වුණේ තමන්ගේ මිනිබිරිය රකින්න.. ඒත් එකපාරටම වෙලා තියෙන්නේ කවුරුත් හිතපු නැති දෙයක්.. මේ කතාව අපට ඇහෙන්නේ කොටවිල ප්‍රදේශයෙන්.. කොටවිල පොලිස් වසමේ පදිංචි එම ප්‍රදේශයේම පාසලක නවය වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි දැරියකගෙන් හදිසියේම දුටු අසාමාන්‍ය හැසිරීම පිළිබඳව තම මව විසින් කරුණු විමසා තිබුණා... එවිට එම දැරිය තම අත කපා ගෙන ඇති අතර, මේ පිළිබඳව විමසිලිමත් වූ මව වහාම තම දියණිය පිළිබඳව කොටවිල පොලිසියේ අපරාධ අංශය වෙත තොරතුරු වාර්තා වී තිබුණා..
ඒ අනුව ක්‍රියාත්මක වූ කොටවිල පොලිසියේ නිලධාරීන් එම දැරිය මාතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර මාතර මහ රෝහලට ඇතුළත් කර තිබුණා.. අධිකරණ වෛද්‍යවරයා විසින් අදාළ දැරිය පරීක්ෂා කිරීමෙන් පසුව කොටවිල පොලිසියට වාර්තා කර ඇත්තේ දැරිය බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි..
මේ පිළිබඳව අදාළ දැරියගෙන් ලබාගත් තොරතුරු මත වැලිගම සිට කොටවිල හරහා මාතර දක්වා ගමන් ගන්නා බස් රථයක රියැදුරු වශයෙන් සේවයේ නියුතු වරකපිටිය, පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එක්දරු විවාහකයකු වූ කාලිංග නමැති සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.. සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත සැකකරුද සමඟින් මාතර නගරයේ, පරණ තංගලු පාරේ, සැකකරු බාලවයස්කාර එම දැරිය සමඟ ලැගුම් ගත් බව පවසන ලැගුම් හලක්ද වැටලීමට කටයුතු කර ඇති අතර, බාලවයස්කාර දැරියකට ලැගුම් ගැනීමට අවස්ථාව ලබා දුන් ලැගුම්හලේ භාරකරුවන් පොලිසිය මඟහැර ඇත. ලැගුම්හලේ පැමිණීමේ තොරතුරු සටහන් කරන ලේඛනවලද කිසිදු සටහනක් තිබී නැත..
කෙසේ නමුත් සැකකරු විසින් එම ස්ථානයේ කිහිප වරකදී ලැගුම් ගත් කාමර පවා එම අවස්ථාවේදී පොලිසියට පෙන්වා ඇත.. එසේම ලැගුම්හලේදී එම දැරියට සිදුකළ විකෘති ලිංගික ක්‍රියා පිළිබඳවද පොලිසියට සවිස්තරව සැකකරු විසින් පවසා ඇත..
මෙම සැකකරු විසින් දැරිය අපයෝජනයට ලක්කිරීම 2023 සැප්තැම්බර් මාසයේ සිට විටින් විට මේ දක්වාම සිදු කර ඇති බවද කොටවිල පොලිසිය මගින් හෙළි කරගෙන ඇත.. බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනා මත සැකකරු කොටවිල අධිකරණයේ මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අතර 2024 මාර්තු 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත... දැරිය පරිවාස හා ළමාරක්ෂක අධිකාරියේ අධීක්ෂණය යටතේ මව වෙත භාර දීමටද නියම කර ඇත...
.
මේ පිළිබඳව අදහස් දැක්වූ කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරන මහතා දරුවන් ගැන හැමවිටම දෙමාපියන් වගකීමෙන් සොයා බලා කටයුතු කරන්නේ නම් මෙවැනි අපරාධ බොහොමයක් වළකා ගත හැකි බවය. කොටවිල පොලිසිය මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ඇත..