ඉන්දියාවේ රාමේශ්වරන් සිට මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය සැපයීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය බුද්ධි අංශ සමත්ව තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 36ක් සමඟ සැකකරුවෙකු එරටදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම අනාවරණය කරගැනීමට හැකිව තිබේ.
චෙන්නායි සිට සීඝ්‍රගාමී දුම්රියකින් මදුරෙයි දක්වා පැමිණෙන පුද්ගලයෙකුගේ ගමන්මළු තුළ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත ඉන්දීය ආදායම් බුද්ධි ඒකක නිළධාරීන් මෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එහිදී ඔහු සතුව තිබී පැකට් 15ක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයා ගෙන ඇත.
මේ අනුව නිලධාරින් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 180ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 670කට ආසන්නයි.
මෙහිදි වැඩිදුරටත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ රාමේෂ්වරන් හරහා මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ බවයි.
චෙන්නායිහි චිත්‍රපට නිෂ්පාදකවරයෙකුවන ජෆාර් සාදික්ද මෙම ජාවාරමට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු හෙළිව තිබූ අතර, ඔහු මේ වනවිට සැඟව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.