මේ වගේ මිත්‍යාවල පැටලෙන්න කළින් කවුරු වුණත් දෙපාරක් හිතන්නම ඕන..
මේ කියන්න යන්නේ ඒ වගේ මිත්‍යාවක පැටලුණ මවක් නිසා දියණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණමක් ගැන කතාවක්..
භූත බලයෙන් මවගේ රෝග සුව කරන බව පවසා නිවසට පැමිණ ඇගේ බාලවයස්කාර දියණිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවකට වරදකරුවෙකු වූ යකැදුරෙකුට අද වසර 60 ක සිරදඩුවම් නියම කර එය වසර 20 කින් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා...
ඒ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ හමුවේ කැඳවූ අවස්ථාවේදී...
38 හැවිරිදි මෙම යැකැදුරා විසින් 2013 වසරේ දී අවස්ථා ගණනාවකදී අදාළ බාලවයස්කාර දැරියට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට ජාතික ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණා...
එම අධිකාරියේ දැනුම් දීම මත නීතිපතිවරයා විසින් අධි චෝදනා 3ක් වරදකරුට එරෙහිව නඩුව ගොනු කර තිබූ අතර, එම 3ටම ඔහු වරදකරු බවටයි තීරණය කෙරුණේ.. මෙම යකැදුරා විසින් දේවාලයක් පවත්වා ගෙන යමින් භූත බලයෙන් ලෙඩ සුව කරන බව සඳහන් කර ඇති අතර හොරණ ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එහි පැමිණ තිබුණා..
අදාළ කාන්තාවගේ නිවසේ තාවකාලික දේවාලයක් සකස් කළ යුතු බව පවසා ඇති විත්තිකරු ඒ අනුව එම නිවසට ගොස් අවස්ථා කිහිපයක දී මෙම බාලවයස්කාර දැරිය අපයෝජනය කර ඇත්තේ අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ පැවසුවහොත් මව මිය යනු ඇති බවට ඇය බියට පත් කරමින්..