gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවට 'රිටන් එක' දෙයි : මැතිව්ස්ගේ Timed out සිදුවීම මුෂ්ෆිකර් උපහාසාත්මකව මතක් කරයි (VIDEO)

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර කළක සිට අළුයට ගිණිමෙන් තිබෙන නිමා නොවන විරසකයේ තවත් දිගුවක්, බංග්ලාදේශය කුසලානය ලබාගනිද්දී ඊයේ (18දා) සිදුකළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරගාවලිය අවසානයේ කුසලානය ලබාගනිද්දී, 'Timed out' නිරූපණය කරමින් බංග්ලාදේශයට කළ උපහාසයට ප්‍රතිපිළිතුරක් මුෂ්ෆිකර් රහීම් දැක්වුවා.

මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයන් කුසලානය සමග සමූහ ඡායාරූපය ලබාගනිද්දී, මුෂ්ෆිකර් රහීම් නිමා වූ එක්දින ලෝක කුසලානයේදී මැතිව්ස්ට මුහුණදීමට සිදු වූ Timed out සිදුවීම මහත් හාස්‍යයෙන් නිරූපණය කළා.

රහීම් සිය හෙල්මට් එක රැගෙන බංග්ලාදේශ ක්‍රීඩකයන්ට එය කැඩී ඇති බව පෙන් වූ අතර, ඊට සෙසු ක්‍රීඩකයෝද සහයෝගය දැක් වූයේ අතීත සිදුවීම උපහාසාත්මකව මතක් කරමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම‍ සිදුකළ එම timed-out සැමරුමෙන් පසු බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසා සිටියේ, ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අතීතයේ බවයි. ඔවුන් දැන්වත් අතීතය අමතක කර වර්තමානයට පැමිණිය යුතු බවයි.

ඒ අනුව මුෂ්ෆිකර්ගේ අභිනයෙන් පෙන්නුම් කළේ, බංග්ලාදේශයත් තවම සිටින්නේ අතීතයේද.....?

'Timed out' නිරූපණය කරමින් මුෂ්ෆිකර් දැක් වූ උපහාසාත්මක ප්‍රතිචාරය මෙතනින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka