gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාමිණී අමරකෝන්ගේ දියණිය කැනඩා අවමගුල් සභාව හඬවයි (VIDEO)

කැනඩාවේ ඔටාවා නුවර සමූහ ඝාතන සිදුවීම නිසා මියගිය මව හා දරුවන් සිව්දෙනාට අමතරව සයවැනියා වූයේ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ය.
ඔහු කැනඩාවට යන්නේ සිදුවීමට මාස දෙකකට පමණ පෙරාතුවය.
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සමාගමක සේවය කළ ධනුෂ්ක වික්‍රමසිංහ උසස් අධ්‍යාපනය සඳහා 2021 ජූලි මාසයේදී කැනඩාවට ගිය පසු මෑතකදී පිරිසිදු කිරීමේ සමාගමක් ආරම්භ කළ අතර එහි හවුල් කරුවෙකු ලෙස ගාමිණී කටයුතු කළේය. ඔහුගේ අභිප්‍රාය වූයේ  ලංකාවේ සිටින තම බිරිය හා දරු දෙන්නාද කැනඩාවට ගෙන්වාගන්නටය. ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන අතරවාරයේ ඔහු තම හිතවතාවූ ධනුෂ්කගේ නිවසේ රැකියාවක් කරමින් රැඳී සිටි බව කියැවේ.

ඔටාවා හිල්ඩා ජයවර්ධනාරාමයේ බෞද්ධ අසපුවේ විහාරාධිපති ගාමිණී ගැන වැඩියමක් දැන සිටියේ නැත. ගාමිණී පන්සලේ ප්‍රජාවේ සාමාජිකයෙක් නොවීය.
දිවි ගලවා ගත් ධනුෂ්ක මාධ්‍ය විමසද්දී පැවසුවේ  මිතුරෙකුට උපකාර කිරීමේ මාර්ගයක් ලෙස ගාමිණී කැඳවාගෙන තිබූ බවයි.

"ඔයා යනකම් අපිත් එක්ක ඉන්න" ඔහු කියා තිබෙයි.

බදාදා රාත්‍රියේ "පිහියක් වැනි වස්තුවක්" සම්බන්ධ බව පොලිසිය කියන ප්‍රහාරයෙන් වික්‍රමසිංහගේ බිරිඳ දර්ශනී ඒකනායක සහ ඔවුන්ගේ දරුවන් සිව්දෙනා වන ඉනුක, අශ්විනි, රණයා සහ කෙලී මෙන්ම ගාමිණීගේ ද ජීවිතය අවසන් විය.

ගාමිණීට සක්‍රීය සමාජ මාධ්‍ය පැවැත්මක් තිබූ අතර ඔහු මෙරට ව්‍යවසායකයෙකු ලෙස ස්ථාපිත වීමට උත්සාහ කරන බවක් ඒ ඔස්සේ හැඟවුම් කර තිබුණි.

ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ තමාව විස්තර කරන්නේ විකුණුම් සහ ඩිජිටල් අලෙවිකරණ උපදේශකයෙකු ලෙසය. ඔහු VIP එයාර් ටුවර්ස් නම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර නිතර ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචාරණය කරමින් සිටියේය.

ඔහුගේ සමාජ මාධ්‍ය සටහන් මත පදනම්ව, කැනඩා මාධ්‍ය සඳහන් කළේ ඔහු ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පැවැත්වූ බවත්, එහි සිදුවීම් නිතිපතා ප්‍රචාරණය කරමින් සිටි බවත්ය.
ඔහුගේ අවසන් ප්‍රසිද්ධ සටහන ෆේස්බුක් හි පෙබරවාරි 20 වන දින පළවන අතර එහිදී ඔහු මිතුරන්ට තම  උපන්දින සුබ පැතුම් සඳහා ස්තූති කළේය.
“ඔබේ කාරුණික වචන සහ හෘදයාංගම පණිවිඩ ඇත්තෙන්ම මගේ දවස විශේෂ කළා,” ඔහු ලිවීය.

ගාමිණී කැනඩාවට පැමිණ වැඩි කල් නොගොස් කාර්යාල පිරිසිදු කිරීම කටයුතු සඳහා දායකවූ අතර නිවසේ සිට ටයර් මාරු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද කතා කරමින් සිටි බව වාර්තාවේ.

ඊයේ කැනඩාවේ පැවති දර්ශනී හා දරුවන් සිව්දෙනාගේ අවමංගල උත්සවයේදී
ගාමිණී අමරකෝන් මහතාගේ බිරිඳ සහ දියණියන් මෙරට සිට අවමංගල්‍ය උත්සවය සඳහා පටිගත පණිවුඩයක් යොමු කර තිබුණි.

අශේරී අමරකෝන් නැමති මිය ගිය ගාමිණි අමරකෝන් මහතාගේ 11 හැවිරිදි දියණිය මෙලෙස අදහස් පළ කර තිබුණි.

"මගේ තාත්තා ගැන මට කියන්න තියෙන්නේ ඔහු අප සියල්ලන්ටම විශිෂ්ට පියෙක් වගේම මගේ අම්මාට හොඳ සැමියෙක් වු බවයි. මෙහි සියල්ලන්ම ඔබ අහිමිවීම ගැන ශෝක වෙනවා. ඔබ කොහේ හිටියත් හොඳ ජීවිතයක් ලබනු ඇතැයි සිතනවා. අපට හැකි වූ විටෙක අප ඔබ හමුවට එනවා. සමුදෙන්නම් ඉතිං... දෙවි පිහිටයි."

ගාමිණි අමරකෝන් මහතාගේ බිරිඳ ඩිෂානි ප්‍රනාන්දු මහත්මිය,

"සමාවෙන්න අපට තවමත් ඔබට දුරින් සිටීමට සිදුවීම ගැන. නමුත් අශේරි සහ කෙයිලි දියණියන් සමග මම සැමවිටම ඔබ සමග ඉන්නවා ඔබට හැකි තරම් සමීපව. අප ඔබට ඒ තරමට ම ආදරෙයි. අපිට ඔබව නැතුව පාළුයි."

එම අවස්ථාවේ ගාමිණි අමරකෝන් මහතාගේ බිරිඳ ගීතිකාවක් ද ගායනා කළාය.
(සභාව සංවේදී කරවන්නට සමත්වූ දියණියගේ වචන පහතින්ම තිබෙන වීඩියෝවේ ඇතුළත්ය)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka