gossip lanka

මේෂ ලග්න හිමියන්ට රජුන් මහතුන් වසඟ වන දවසක්: මුත්‍රා ආසාදන රෝග මතුවෙන්න පුළුවන් - අද දවස ඔබට කොහොම ද?

19.03.2024 අඟහරුවාදා
රාහු කාලය
අද - 03.15 සිට 4.45 දක්වා

හෙට - 12.15 සිට 01.45 දක්වා

මේෂ
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රැකියා ස්ථානවල කැපී පෙනෙන අතර රජුන් මහතුන් වසඟ වන දිනකි. නව ව්‍යාපාර ඇරඹීමට ශුභයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද හේතුයි. සෙම් කෝප රෝග ද මතු කරයි.

ශුභ වර්ණය - තද රෝස/ ජය අංකය - 05

වෘෂභ
ක්‍රියාකාරී දිනකි. තරමක් වෙහෙසව ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාාතිමිත්‍රාදීන් සමග සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

ශුභ වර්ණය - සුදු/ ජය අංකය - 02

මිථුන
ගමන් බිමන් තරමක් යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. අසල්වැසි සබඳතා වර්ධනය වෙයි. ආර්ථික වර්ධන කටයුතුවල යෙදෙන අතර ලිපි ලේඛන තුළින් ජයගත හැකි අතර ඌෂ්ණ රෝග නේත්‍ර රෝග වැනි දේවලට හේතුයි.

ශුභ වර්ණය - කොල/ ජය අංකය - 06

කටක
කලබලකාරී ගති මතුකරයි. රැකියා ස්ථානවල ප්‍රසාදයට පත්වෙයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති අතර බුද්ධිමත්ව තීරණ ගත යුතු දිනකි. හදිසි ධන ලාභ ලැබීම් මතුකරයි. ශිරෝ රෝග ද මතු කරයි.

ශුභ වර්ණය - තැඹිලි/ ජය අංකය - 04

සිංහ
ශුභා ශුභ ඵලදෙයි. රැකියා ස්ථානවල අස්ථාන මත චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු වන අතර තම ඥාාති මිත්‍රාදීන් සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අක්‍ෂි රෝග කර්ණ රෝග මතු කෙරේ. දහමට ලැදිව ක්‍රියාකරන දිනකි.

ශුභ වර්ණය - ලා දම්/ ජය අංකය - 03

කන්‍යා
ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරසගත රෝග ද මතු කරන දිනකි. රැකියා ස්ථානවල පැවති බාධා ඉවත් වෙයි.

ශුභ වර්ණය - රන්වන්/ ජය අංකය - 01

තුලා
සුළුවෙන් හෝ ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතුවෙයි. වැයපස ඉහළයි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතු කරයි. ප්‍රීතිසාද වැනි දේවලට යොමුවේ.

ශුභ වර්ණය - ලා රෝස/ ජය අංකය - 07

වෘශ්චික
අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේගශීලී වෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි.

ශුභ වර්ණය - රතු/ ජය අංකය - 08

ධනු
ශුභා ශුභ ඵලදෙයි. කලකිරීම් ඇති කරන ප්‍රශ්න මතු කරයි. වැයපස ඉහළ යන කරුණු යෙදේ. ඍජු ගුණයෙන් ක්‍රියාකරයි. දහමට ලැදිවෙයි. තම ඥාාතීන් ද දහමට යොමු කරවයි. මුත්‍රා ආසාදන රෝග මතුවෙයි.

ශුභ වර්ණය - දම්/ ජය අංකය - 01

මකර
ශුභවාදී ඵලදෙයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් වැය වන කරුණු යෙදේ. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. තම පවුලේ සාමාජිකයන් දහමට යොමුකරවයි. සෙම් රෝග මතුවෙයි.

ශුභ වර්ණය - තද දුඹුරු/ ජය අංකය - 03

කුම්භ
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. හුදකලාව ක්‍රියාකරයි. තම ඥාාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. ආදර සබඳතා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. වාතාධික රෝග ඇතිවන දිනකි.

ශුභ වර්ණය - නිල්/ ජය අංකය - 05

මීන
ශුභා ශුභ ඵලදෙයි. තම නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. ඥාාතීන් සමග සුහදතාව ඇති කරගනී. මිල මුදල් වැයවෙයි. ණයතුරුස්වලට ද හේතුයි. ආගමික ක්‍රියාවන් ගරු කරයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

ශුභ වර්ණය - කහ/ ජය අංකය - 09
gossip lanka