gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පූජනීය අනුරපුරේ 13 දෙනෙක් එක්ව පාසල් දැරියක් දූෂණය කරලා : 70 අයෙකුත් ඒ අතර!

අනුරාධපුර නගරයේ සැලුන් එකකදී 14 වියේ පාසල් දැරියක් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දැනටමත් අදාළ සැලුන් එකේ හිමිකරු සහ තවත් අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම අපරාධය සැලොනය පිටුපස කාමරයක සිදුව ඇති බවත්, ඇයව අපහරණය කළ 11 දෙනෙකුගේ නම් දැරිය හෙළි කර ඇති බවත් අනාවරණය වෙනවා.

මෙම සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරිනියකගේ 70 හැවිරිදි වියේ පසුවෙන පියෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා තරඟ ජයගෙන ඇති දක්ෂ දැරියක් බවයි ආරංචි මාර්ග හෙළිදරව් කරන්නේ.

ඉතිරි සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka