gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් විසඥ වී සිටියදී සීදුවේ 27 හැවිරිදි දෙදරු මව ඝාතනයට සැක 22 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට!

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී   දෙදරු මවක් ඝාතනය කළ සැකකරු  පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.  
දින කීපයක් තිස්සේ අතුරුදහන් වී සිටි සැකකරු 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු විවාහය අත් හැරීමෙන් පසු සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි මෙම කාන්තාව සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන සිටි අයෙකි.

මෙම තරුණයා සිය දිවි නසා ගැනීමේ අභිලාෂ සහිතව වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 22ක් වූ මඩංවල, බලංගොඩ ප්‍රදේශයේ  පදිංචි තරුණයා සහ මෙම තරුණිය පෙම් සබඳතාවයක් ගොඩනගාගෙන විටින් විට එකට ජීවත් වීමෙන් අනතුරුව ඇය සමග සම්බන්ධතා පවත්වන වෙනත් පුද්ගලයින් සම්බන්ධව හෙළි දරවු විමෙන් පසු මෙම තරුණයා සහ කාන්තාව අතර බහින්බස් වීම් ඇති වී තිබුණු බවත් එම ආරවුල් පොලිිසය දක්වා ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් දෙදෙනා අතර ඇති වූ බහින්බස් විමකින් අනතුරුව මෙම 22 හැවිරිදි තරුණයා මෙම තරුණ කාන්තාව ඝාතනය කර ඇති බව අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් යටතේ බලංගොඩ මුලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.


රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පසුගිය 14 වනදාය. ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි   දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි.

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි.

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැක පළකළේය.

මෙම ඝාතන සැකකරු  එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට දුරකථනය ඔස්සේ පාපොච්චාරණය කර තිබිණි. එම කතාව නෙත් එෆ්.එම්. යූ ටියුබ් චැනලය ඔස්සේ විකාශය විය. මේ එම හඬ පටයයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka