gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරින් වර සල්ලාලයන්ට ගොදුරු වූ පුංචි අක්කයි නංගී... මෙරටින් ඇසෙන ඇඟ කිලිපොලා යන පුවත

පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර,  පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට ඇමතුමක් ලැබී තිබුණි.

ඊට අනුව විමර්ශන ඇරඹූ සාලියවැව පොලීසියට ඇය හමුවන්නේ, කැලෑබද ප්‍රදේශයක සිටියදීය. ඒ එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයෙකු සමගිනි.

තම මව්පියන්ගේ ද කැමැත්ත ඇතිව තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවයි, 15 හැවිරිදි දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසියට පවසා ඇත්තේ.

එමෙන්ම ඇය පොලීසියට පවසා තිබුණේ, අවස්ථා රැසකදී තමා 28 හැවිරිදි තරුණයාගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ බවයි.

එමෙන්ම මෙහිදී අනාවරණවී ඇත්තේ, 2021 සිට අවස්ථා ගණනාවකදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇයව අපයෝජනයට ලක්කර ඇති බවයි.

ඇය පොලීසියට පවසා ඇත්තේ, එම සිව්දෙනා අතර තම වැඩිමහල් සහෝදරියගේ සැමියා ද වන බවය.

පොලීසිය විසින්, දැරියක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනා අතරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 15 හැවිරිදි දියණියගේ සිද්ධිය පොලීසිය හමුවේ අනාවරණ වෙද්දී ඇයගේ 12 හැවිරිදි නැගණිය ද වසර ගණනාවක් සඟවා ගෙන සිටි තවත් රහසක් පොලීසියට අනාවරණ කළාය. ඒ, තමාව ද වයස අවුරුදු 09යේදී නිවසට ආ පුද්ගලයෙකු වරින් වර අපයෝජනයට ලක්කළ බවය.ඒ අනුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අවුරුදු 24 ත් 30ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි, නිතර දැරිවියන්ගේ නිවසට ආ ගිය පුද්ගලයන් බවයි, පොලීසිය පැවසුවේ.

සැකකරුවන් ඊයේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 02 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් දෙදෙනාව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka