gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩි දෙදහසකටත් එහා පොලව ගැඹුරේ සිට ඉෆ්තාර් භෝජනය ගන්නා මිනිස්සු!

කොසෝවර් පතල් කම්කරුවෙකු වන එමින් හසානි නම් පුද්ගලයා පොලොවෙන් අඩි 2,625 ( මීටර් 800 ) ක් පමණ යට සිට රාමසාන් උපවාසය අත්හරිමින් ඉෆ්තාර් භෝජනය ගන්නා පුවතක් වාර්තා වනවා.

ඔහු එලෙස උපවාසය අතහරින්නේ උතුරු කොසෝවෝ හි ස්ටැන්ටෙර්ග් හි ට්‍රෙප්කා පතලේ සිටයි. සූර්යයාගේ බැස යාම සහ ආහාර ගැනීමේ කාලය පැමිණ තිබේද යන්න හසානි දැන ගන්නේ ඔරලෝසුවක් භාවිතා කිරීමෙන්. පතලේ ඉදි කළ තාවකාලික කාර්යාලයක කුඩා මේසයක් වටා වාඩි වී ඔහු සහ ඔහුගේ මිතුරන් හතර දෙනෙකු සීනි සහිත කළු තේ සමඟ සෝදාගත් රට ඉඳි, යෝගට්, අච්චාරු සහ චීස් ආහාරයට ගනිමින් උපවාසය අත්හරින බව සඳහන් වනවා.

ශුද්ධ වූ මුස්ලිම් මාසය වන රාමසාන් මාසයේ උපවාසයේ යෙදී සිට සූර්යයා බැස ගිය පසු ගනු ලබන ආහාර වේල හඳුන්වන්නේ ඉෆ්තාර් නමින්.

කොසෝවෝ යනු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන අතර එහි රජයට අයත් ඊයම්, සින්ක් සහ රිදී පතල්වල සේවය කරන පතල් කම්කරුවන් සිය ගණනක් රාමසාන් සමරමින් සිටිනවා. ඇතැම් වේලාවල දී ඔවුන්ට සෙල්සියස් අංශක 40 කට ආසන්න උෂ්ණත්වයක් විඳ දරා ගැනීමට සිදුවනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් හසානි පවසන්නේ ඔහු සෑම විටම අල්ලාහ් දෙවියන් සමඟ සම්බන්ධ වී සිටින බවයි. මීටර් 800 ක් පමණ පොළොව යට සිටින විට ඉන් තවත් ගැඹුරට යන තරමට ඔහුට අල්ලාහ් දෙවියන් ට සමීප බවක් දැනෙන බව ද පවසා තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පතල් සේවා මුර ප්‍රධානියෙකු වන ෆෙහ්මි හජ්රේඩිනි පවසන්නේ ඔවුන්ට නිරාහාරව සිටීම ප්‍රශ්නයක් නොවන නමුත් පිරිසිදු වාතය නොමැතිකම, නවීන උපකරණ, ඇඳුම් පැළඳුම් සහ සපත්තු නොමැතිකම විශාල ගැටලුවක් බවයි.

ට්‍රෙප්කා හි වසර 1970 සහ 80 කාලයන්වල කම්කරුවන් 22,000කට වඩා සේවය කර තිබෙන අතර එය කොසෝවෝ හි දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙන් දෙකක් සඳහා දායක වී තිබෙනවා. නමුත් වර්තමානයේ එහි සේවය කරන්නේ කම්කරුවන් 3,000 ක් පමණ ප්‍රමාණයක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka