gossip lanka

අලුත් අවුරුද්දේ නැකැත් අව්ලක්!

රාජ්‍ය නැකැත් කමිටුව විසින් 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ නැකැත් රටට අසුභ බවට ජාතික ජ්‍යොතීර්වේදීන්ගේ සංගමය විසින් චෝදනා එල්ල කරනු ලබයි.

ජාතික නැකැත් කමිටුව ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමිනි, රාත්‍රී නැකැත් වෙනුවට උදෑසන නැකැත් ඇතුළත් කරන ලද විකල්ප නැකැත් සීට්ටුවක් ඔවුන් රටට අද ඉදිරිපත් කළේය.

එම සංහමයේ නියෝජිත ජ්‍යෙතීර්වේදී, ජනක මාධව නවරත්න පවසා සිටියේ, මෙවර නව වසර උදාව 13 වනදා අපරභාග 9.05ට සිදුවන බවය.

පුණ්‍ය කාලය  අප්‍රේල් මස 13 වන දා අපරභාග 2.41 සිට අප්‍රේල් මස 14 වන දා අලුයම 3.29 දක්වා යෙදී ඇති බවද හෙතෙම පැවසීය.
gossip lanka