gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මව් පිය පාසල් සටනින් පියා ජය ගනී – දරුවා රිච්මන්ඩ් විදුහලට දමන්නැයි උසාවියෙන් නියෝග!

මේ වනවිට දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතින මව්පිය යුවළකගේ පුතා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් කළ යුතු බවට ගාල්ල දිසා විනිසුරු එම්.ඩී.එස්.පී. දොඩන්ගොඩ මහතා නියෝගයක් නිකුත් කළේය.

දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ දික්කසාද නඩුවේ වගඋත්තරකරු වන ළමයාගේ පියා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලීමෙන් පසුවය. මෙම ළමයාගේ මව දික්කසාද නඩුවක් පවරා ඇති අතර මේ වනවිට ළමයාද මවගේ බාරයේ ඇත. මව විසින් ළමයා මවුන්ට් කැල්වරි ජාත්‍යන්තර පාසලට ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් තම පුතා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

තමා රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකු බවත් දරුවා එම විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 62ක් ලබාගෙන ඇති බවත් දරුවාගේ සුබ සිද්ධිය සඳහා ඇතුළත් කළ යුත්තේ මවුන්ට් කැල්වරි විදුහලට නොව රිච්මන්ඩ් විදුහලට බවත් එනිසා විමසීමක් කර දරුවා රිච්මන්ඩ් විදුහලට ඇතුළත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පියා ඉල්ලා සිටියේය.

දික්කසාද නඩුවේ පැමිණිලිකාර මව විරෝධතා ගොනු කරමින් කියා සිටියේ දරුවා මවුන්ට් කැල්වරි උසස් පාසලට ඇතුළත් කිරීමට සියලු‍ කටයුතු සූදානම් කර ඇති බැවින් රිච්මන්ඩ් විදුහලට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවය. එනිසා පෙත්සම්කරුගේ ඉල්ලීම නිශ්ප්‍රභ කරන ලෙසත් මව ඉල්ලා සිටියාය.

සියලු‍ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා දරුවා මවුන්ට් කැල්වරි විදුහලට ඇතුළත් කරනවාට වඩා ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුළත් කිරීම ඔහුගේ උපරිම යහපත පිණිස හේතුවන බව තහවුරු කිරීමට පෙත්සම්කරු සමත්ව ඇති බවට තීරණය කළේය.

ඒ අනුව පෙත්සම්කරුගේ ඉල්ලීමට ඉඩ ලබාදීම නිත්‍යානුකුල හා වඩාත් සුදුසු වන බැවින් දරුවා රිච්මන්ඩ් විදුහලේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් කළ යුතු බවට නියෝග කළ දිසා විනිසුරුවරයා ඒ සඳහා අවශ්‍යය සියලු‍ කටයුතුවලට සහයෝගය දැක්වීමට මවටද නියෝග කළේය.

මව වෙනුවෙන් නීතිඥ අංජුලා බඹරැන්ද මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ චමල් පතිරගේ මහතාද පෙත්සම්කාර පියා වෙනුවෙන් නිතිඥ දසුන් තරංග මාවඩවිලගේ මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා ද පෙනී සිටියේය.
අහංගම සුගතපාල දීයගහගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka