gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එකම අංකයක් ගැන විශ්වාසයක් තැබූ ඇයට අවසානයේ අදහාගන්න බැරි ජයග්‍රහණයක්!

මේ ඇය වසර 20ක පමණ කාලයක් පෙරුම් පුරා ලබාගත් ජයග්‍රහණයක්..

ඇය ලැබූ ජයග්‍රහණයේ විශේෂත්වයක්ද තිබෙනවා.. 

ඒ එකම ලොතරැයි අංක භාවිතයෙන් තරග කළ ඩොලර් 400,000ක ජයග්‍රහණයක් ලබා ගැනීමයි.. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක් මෙම වාසනාව හිමිකරගත්තා..

නුදුරේදීම ඇය සිය රාජකාරීවලින් විශ්‍රාමගැනීමටද නියමිතව තිබෙනවා.. ඒ වගේම ඇයට ලැබුණ මේ විශාල මුදල් ජයග්‍රහණයත් සමග ඇගේ විශ්‍රාම දිවිය සුවසේ ගත කිරීමට හැකිවනු ඇති බවයි සඳහන් කර ඇත්තේ...

මෙම වාසනාවන්ත ජයග්‍රාහිකාව සෙනසුරාදා පැවති ගෝල්ඩ් ලොටෝ දිනුම් ඇදීම තුළින් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙනවා...

තමා මෙතෙක් කළක් භාවිත කළ අංක අවසානයේ ජයග්‍රහණය කර ඇති බව විශ්වාස කළ නොහැකි වූ බවයි ඇය මේ ජයග්‍රහනය අවසානයේ පැවසුවේ.. අදාල කාන්තාවගේ ජයග්‍රාහී ලොතරැයියේ තිබූ අංක වී ඇත්තේ 19, 15, 18, 30, 5 සහ 83

ජයග්‍රහණය ලැබුණු දිනයේ සිට එය අදහා ගත නොහැකිව තමා සහ දියණිය කඳුළු සලමින් සිටින බවත්, මෙම මුදල් තම විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා ඇදහිය නොහැකි තරම් පහසු වනු ඇති අතර එමගින් දරුවන්ට තවත් උපකාර කළ හැකි බව ඇය සඳහන් කර තිබෙනවා...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka