gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හංවැල්ල නිරිපොළදී මන්නා රොෂාන්ගේ මල්ලී වෙඩි කා මරුට! වාහනයේ සිටි මිතුරාට බරපතළ තුවාල!

සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේදී ටී 56 අවියක් යොදාගෙන රැකසිට එල්ල කළ ප්‍රහාරයකින් පාතාල නායකයකුව සිටි මන්නා රොෂාන්ගේ බාල සොහොයුරා ඊයේ (04 වැනිදා) පෙරවරුවේ ඝාතනයට ලක්විය.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලැබූ අතර ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු බව කියන ලලිත් කන්නන්ගර නැමැත්තා මෙම ඝාතනය මෙහෙයවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මීට මාස 4 කට පමණ පෙර හංවැල්ල ප්‍රදේශයේ රබර් වත්තකදී මන්නා රොෂාන් වෙඩි තබා ඝාතනය කළ අතර එම ප්‍රහාරයද ලලිත් කන්නන්ගරගේ නියෝගය මත සිදුවූ බව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

ඊයේ පෙරවරු 11.30 ට පමණ එල්ලවූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූයේ 31 හැවිරිදි අතුකෝරලගේ දොන් මධුසංඛ නමැති අයකු බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ මන්නා රොෂාන් සහ ලලිත් කන්නන්ගර අතර කාලයක සිට ආරවුල් පැවතිණි. මත්ද්‍රව්‍ය ජාවාරම, වැලිගොඩ දැමීම, කප්පම් ගැනීම, පතල් කැපීම ඇතුළු තවත් ජාවාරම් කීපයක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අතර නිතර ගැටුම් පැවති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධීන් නිසා ඇතිවූ ආරවුල් මත ලලිත් කන්නන්ගර උපාය දූතයකු යොදවා මන්නා රොෂාන් හංවැල්ල ප්‍රදේශයේ පාළු රබර් වත්තකට ගෙන්වාගෙන ඔහුගේ ගෝලබාලයන් යොදවා වෙඩි තබා ඝාතනය කර තිබිණි. එහිදී මන්නා රොෂාන් සමඟ සිටි තවත් පුද්ගලයෙක්ද ඝාතනයට ලක්විය.

මෙම සිද්ධියෙන් පසු මන්නා රොෂාන්ගේ බාලසොහොයුරා හංවැල්ල ප්‍රදේශයේ විවිධ ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටි බව පොලිසිය පවසයි. ඔහුටද ලලිත් කන්නන්ගරගෙන් තර්ජන එල්ල වී තිබූ අතර එම තර්ජන ගණනකට නොගෙන ඔහු එම ව්‍යාපාර කරගෙන ගොස් ඇත.

ඊයේ පෙරවරු 11.30 ට පමණ මධුසංඛ සිය මිතුරකු ද සමඟ ඩබල් කැබ් රථයකින් හංවැල්ල නිරිපොළ දෙසට යමින් සිටියදී මග රැක සිටි පාතාල සාමාජිකයන් දෙදෙනකු ධාවනය වෙමින් තිබූ කැබ් රථයට ටී 56 අවියකින් වෙඩි වරුසාවක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් මධුසංඛ සහ ඔහුගේ මිතුරා බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මධුසංඛ මියගොස් තිබේ. ඔහුගේ මිතුරා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම ප්‍රහාරය එල්ල කළ පාතාල සාමාජිකයන් දෙදෙනා පැමිණි ආකාරය මෙතෙක් සොයාගෙන නැත. සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබී ටී 56 හිස් පතරොම් කොපු 9 ක් පොලිසිය සොයාගෙන ඇත.

ලලිත් කන්නන්ගර නමැත්තාට එරෙහිව මිනීමැරුම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බවත් මොහු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය, නුගේගොඩ අපරාධ කොට්ඨාසය සහ හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka