ඇය මාස තුනක් තිස්සේ හිටියේ කොහේද..? ඒ ගැන ඇගේ අම්මා ඉන්න ඇත්තේ ගොඩක් බයෙන්...
ඒ වගේම දැන් වෙලා තියෙන්නේ කවුරුවත් නොහිතන විදිහේ කතාවක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන..
දිවුලපිටිය, කෝංගඩමුල්ල ප්‍රදේශයේ මාස 3ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි දැරියක් කටුනායක ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ (04) සොයාගෙන තිබෙනවා..
දැරිය සමඟ සිටි තවත් පුද්ගලයෙකු බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා..
දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් අතුරුදන්වී ඇති බව පවසමින් ඇගේ මව බඩල්ගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරන්නේ මීට මාස 3කට ඉහතදීයි..
ඒ අනුව පොලිසිය අතුරුදන් වූ දැරිය සොයා අවස්ථා ගණනාවකදී විමර්ශන කළත් දැරිය සොයා ගැනීමට හැකි වූයේ නැහැ..
ඉන් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයේකණ්ඩායම් කිහිපයක් යොදවනු ලැබුවේ දැරිය සොයා ගැනීමේ අරමුණින්..
එම පොලිස් කණ්ඩායමකට අද පෙරවරුවේ තොරතුරක් ලැබුණේ මෙම දැරිය කටුනායක අමන්දොලුව ප්‍රදේශයේ රැඳී සිටින බවටයි..
ඒ අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් දැරිය සහ දැරිය සමඟ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..
අත්අඩංගුවට ගත් දැරිය බඩල්ගම පොලිසියට රැගෙන ආ අතර එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්නකෙරුණා..
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බඩල්ගම පොලිසිය විසින් සිදු කරනවා..