ආදරයෙන් මත්වුණාම කරන සමහර දේවල් සමහර කාලවලදී පාරා වළල්ලක් වෙනවා.
හැම පෙම්වතියම තම පෙම්වතාගේ හැම ඉල්ලීමක්ම ආදරයේ නාමයෙන් කරන්න සූදානම්නේ.
ඉතින් එහෙම කරපු වැඩක් නිසා වුණ දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
මීට වසර 12කට පෙර පෙම්වතියක්ව සිටියදී තම ලුතිනන් පෙම්වතාට යැවූ උඩුකය නිරුවත් ඡායාරූප නැවත නැවතත් ඇගේ සගයන් අතර බෙදා හැරිම නිසා නිව්යෝර්ක් පොලිසියට එරෙහිව නඩු පවරා තිබෙනවා.
2012 වසරේදී අමෙරිකානු පොලීසියට බැඳී ඇති 34 හැවිරිදි ඇය මේ සම්බන්ධව හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පවසා තිබෙනවා.