gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිරූපණ ‘චාන්ස්’ පෙන්නා සූපවේදියෙක් තරුණියන් 30කට හදිකරලා (VIDEO)

නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියකු සීගිරිය ප්‍රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් 30 දෙනෙකුට පමණ අතවර කර ඇති බවට සැක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.

චීනයේ මෝස්තර නිරූපණය හදාරන ලාංකික තරුණියක් පසුගිය දෙසැම්බර් මාසයේදී කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ තිබුණි.

එහිදී ඇය සිය මවට පවසා ඇත්තේ, තමන් හදාරන පාඨමාලාවෙන් ඉහළට යෑම සඳහා මෙරටදී නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවිය යුතු බවය.

අනතුරුව ඇයගේ මව විසින් ෆේස්බුක් හරහා සිදුකළ සොයාබැලීමේදී නදීෂා බණ්ඩාර නම් ගිණුමක් මගින් නිරූපන ක්ෂේත්‍රයේ අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඇති අයුරු දැක තිබුණි.

පසුව එම ගිණුම සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී නදීෂා බණ්ඩාර නමින් පෙනී සිටි අය පවසා ඇත්තේ, අදාළ තරුණියගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපත් හා පිංතූර කිහිපයක් එවන ලෙසය.

ඒ අතරතුර එම තරුණියගේ නිරුවත් ඡායාරූප විවිධ ඉරියව්වලින් සිට එවන ලෙස අදාළ ගිණුම හිමි පුද්ගලයා විසින් පණිවිඩයක් මගින් පවසා ඇත.

ඡායාරූප යවා ඇති අදාළ තරුණියට පසුව දැනුම්දී ඇත්තේ, ඇයගේ සංවේදීත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකළ යුතු බවය.

වෛද්‍යවරයා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ යුතු බවත් දැනුම්දී තිබේ.

පසුව තරුණියක් ලෙස පෙනී සිටි අයෙක් ඇයට පවසා ඇත්තේ කිසිඳු බියක් ඇති කරනොගෙන වෛද්‍යවරයා හමුවන ලෙසය.

ඒ අනුව පළමුව මහලු වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් ඇය සමග පණිවුඩ හුමවාරු කරගෙන අනතුරුව ඔහු විසින් තිස් හැවිරිදි තරුණ වෛද්‍යවරයෙක් වෙත තරුණිය යොමුවිය යුතු බව පවසා තිබේ.

අනතුරුව අදාළ තරුණියට, කඩවත ප්‍රදේශයේ හෝටලයකට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

එම දැනුම්දීමට අනුව ඇය සිය මව සමග කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැක සිතු මව දියණිය ඉන් පිටත තබා අදාළ හෝටලය තුළට ගොස් තිබේ.

එහිදී වෛද්‍යරයා ලෙස පෙනී සිටි පුද්ගලයා බියවී මවට තර්ජනය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කළහොත් දියණියගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බවය.

අනතුරුව ඔහු එම හෝටලයෙන් පළාගොස් තිබේ.

ඒ අනුව අදාළ මව සිය දියණිය සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ, සැකකරු සීගිරිය ප්‍රදේශයේ හෝටලයක සූපවේදියෙකු බවය.

අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවර, රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් වෛද්‍යවරයෙකු ලෙස සහ තරුණියන් ලෙස පෙනී සිටිමින් තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා රවටමින් ලිංගික අතවර කරන බවය.

සැකකරුගේ ජංගම දුරකථන දෙකක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් තිස් දෙනෙකුගේ පමණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමුවූ බව විමර්ශන නිලධාරීන් පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka