gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෙල්ලිගල වඳින්න ගිය බැතිමතුන් මුහුණ දුන් මාරක බස් අනතුරින් 01ක් මරුට… 37ක් රෝහලේ… දරුවන් 09ක් ඒ අතර… 2ක් අසාධ්‍යයි

පේරාදෙණිය කොබ්බෑකඩුව හන්දිය යහලතැන්න ප්‍රදේශයේ පිහිටි නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වූ ප්‍රවේශය මාර්ගයේ  අනතුරු බහුලව සිදුවන දැඩි බෑවුම්ක් සහිත තැනක සිදුවූ බස් රථ අනතුරකින් එහි ගමන් කළ 37 දෙනෙක් තුවාල ලබා එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඊයේ (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින්   මිය ගොස් ඇත්තේ හාල්පොළ පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පුද්ගලයෙකි.  සිද්ධියෙන් බරපතල තත්ත්වයේ පසුවන තවත් පුද්ගලයින් දෙදෙනෙක් මහනුවර ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

මෙම අනතුරු බහුල දැඩි බෑවුම් සහිත ස්ථානයේ බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් සිටිය දී බස් රථයේ තිරිංග අක්‍රීය වීමෙන් රියදුරුට රථය පාලනය කර ගත නොකිව මේ අනතුර සිද්ධ වී ඇතැයි පොලිසිය පවසයි. තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් බෑවුමේ පහළට ඇදී ගිය බස් රථය මාර්ගයට යාබදව තිබූ ගසක වැදී නතර වි ඇත. ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු ද වේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් අධිාකරී අංගම්මන ගේ උපදෙස් මත පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කෙසේ වෙතත් මෙම අනතුරු බහුල ස්ථානයේ සිදුවූ අනතුර මාධ්‍යයට පිටවීම වළක්වා ගැනීම සඳහා විහාරාධිකාරිය දැඩි වෙහෙසක් දරා ඇති බවත් කිසිම මාධ්‍යයකට සිද්ධිය වූ ස්ථානය වෙත ලඟාවීමට ඉඩ දී නැති බවත් වාර්තා වේ.

තමන් සතු ජංගම දුරකථනවලින් හෝ සිද්ධිය වාර්තා කිරීමට ඉඩ ලබාදී නැති අතර මෙම සිද්ධිය  ඡායාරූපගත කර ඇත්ත‍ෙ දැඩි ආයාසයකිනි.

මෙවැනි අනතුරු බහුල ස්ථාන සහ  සිද්ධිය  මාධ්‍යගතවීම වළක්වා තවත් අනතුරක් සඳහා මග පෑදීම බෞද්ධ ප්‍රතිපදාව නොවන බවත් මෙවැනි අනතුරු  ගැන දැනුම්වත් කිරීම සහ මෙවැනි අනතුරු සඳහා පිළියම් සෙවීමට සහාය වීම ජාතික අවශ්‍යතාවයක් බවත් මේ සම්බන්ධව අදහස් දක්වන වෘත්තිකයෝ පවසන්නේ මාර්ග අනතුරු හේතුවෙන් රටේ දළ ජාතික ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරපරාදේ වියදම් වන ආකාරය පෙන්වා දෙමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka