gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැණික විකුණලා සල්ලි බෙදාගන්න හාමුදුරුවො මැරුවා – ඝාතකයා පාපොච්චාරණය කරයි

හාමුදුරුවො ළඟ තියෙන මැණික විකුණලා ගන්න සල්ලි බෙදාගනිමු කියලා කොන්ත්‍රාත්තුව දුන්න අයට වෙච්ච පොරොන්දුවට හාමුදුරුවන්ට වෙඩි තිබ්බා යැයි මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරයේ වැඩවිසූ කලපලුවාවේ ධම්මරතන හිමි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

යුද හමුදා කමාන්ඩෝ බළකායේ සේවය කර ඉන් ඉවත්ව මෙම සැකකරු පාතාලයට එක්වී මිනිස් ඝාතන කීපයක් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේ සැඟවී සිටියදීය.

මෙම හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ප්‍රධාන සැකකරු ද සමග සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

නිධානයකින් ලබාගත් මැණික් ගල් කීපයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම හිමිනමගේ ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළිවෙයි.

මෙම ඝාතන සැලසුම මෙහෙයවා ඇත්තේ, මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් දෙදෙනකු වන අතුරුගිරියේ ලැටා සහ බත්තරමුල්ලේ බන්ටි යන අය බව පොලිසිය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ධම්මරතන හිමියන් සඟවාගෙන සිටි මැණික ලබාගැනීමෙන් පසුව එම හිමියන් වෙඩි තබා ඝාතනය කරන ලෙස ඩුබායිහි සිටින ලැටා සහ බන්ටිගෙන් තමන්ට උපදෙස් ලැබුණු බවයි.

ඒ අනුව උන්වහන්සේ සතුව තිබූ වටිනා මැණික ලබාගැනීමෙන් පසු තමන් ධම්මරතන හිමියන්ට වෙඩි තැබූ බව ද සැකකරු ප්‍රකාශ කර තිබේ.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ බලිතොවිල් කිරීමට ප්‍රසිද්ධියක් ඉසිලූ ධම්මරතන හිමියන් මෙම පාතාල මැරයන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් ඝාතනය වූයේ ඉකුත් ජනවාරි මස 23 වැනිදා පෙරවරුවේය.

විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට ඩුබායි හි සිටින ලැටා සහ බන්ටිගේ උපෙදස් මත මෙම හිමියන් ඇතුළු පිරිසක් විසින් නිධානයක් හාරා මැණික් ගල් තොගයක් ලබාගෙන ඇත.

එම මැණික් ගල් විකිණීමේදී ධම්මරතන හිමියන් සහ පාතාල සාමාජිකයන් අතර ආරවුලක් හටගෙන තිබිණි.

ධම්මරතන හිමියන් ඝාතනයට ලක්වන්නේ එම ආරවුල මුල්කරගෙනය. ලැටා සහ බන්ටි ලබාදුන් මුදල් කොන්ත්‍රාත් මත මෙම ප්‍රධාන සැකකරු මීට පෙර මිනිස් ඝාතන 3 ක් කර ඇති බව හෙළිවී තිබේ.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka