gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"නෑ නෑ මම කෑලී ගත්තේ නෑ" - මස් හොද්දෙන් උපාසිකාවගේ රෙදි ගැලවුණු හැටි!

කුකුළු මස් වෑංජනයක හොදි කන කෑලි නොකන උපාසක අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් සබරගමුව පළාතේ ග්‍රාමයකින් වාර්තා වෙනවා.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

සබරගමුව පළාතේ ග්‍රාමයක 67 හැවිරිදි සිවු දරු මවක් සිය සැමියා හා බාල පිරිමි දරුවා ලේලිය සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නීය. දරුවන් තිදෙනෙකු විවාහ වී වෙන වෙනම පදිංචිව සිටින අතර බාල පිරිමි දරුවා විවාහ වූයේ පසු ගිය ජනවාරි මාසයේ දිනකදීය.

මෙම සිවු දරු මව වසර ගණනාවක සිට නොකඩවා අසනීප තත්ත්වයක් නොතිබුණොත් සෑම පුරපසළොස්වක පෝය දිනකම සිය ගමේ විහාරස්ථානයට ගොස් අෂ්ඨාංගික උපෝසතශීලය සමාදන් වෙයි.

මෙම සිවු දරු මවගේ සැමියා බේබද්දෙකි. ඔහු නිතර නිතර කැලෑ සතුන් වන ඉත්තෑවන් හාවන් ඌරන් යන එන හා ගැවසෙන තැන් සොයා මදු ගැසීම පුරුද්දක් කරගෙන තිබුණි.

කැලෑ සතෙකු මද්දකට හසු වුණු දවසක නිවසට ගෙනත් සුද්ධ පවිත්‍ර කර ලු‍ණු ඇඹුල් දමා පදමට තබ්බා ගන්නේය.

වන සතුන් දඩයම් කර මස් කෑම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ධර්ම කරුණු සාරයෙන් ගෙනහැර දක්වා සතුන් දඩයම් කිරීම නතර කරන ලෙස අවස්ථා කිහිපයක දීම උපාසක බිරිය සැමියාට කියා ඇතත් ඔහු තුට්ටුවකට ගණන් නොගෙන වන සතුන් දඩයම් කර භුක්ති විදියි.

සිල් සමාදන් මව කිසිම මස් මාංශයක් වගේම මාළු කිරි බිත්තර ද කන්නේ නැත. ශරිරයට මස් කෑල්ලක් කෑමෙන් ඇති ශක්තිය සම්බන්ධයෙන් බිරිඳට කරුණු කාරණා පැහැදිලි කර දුන්න ද මස් තියා මස් හොදිවත් තමන්ට එපා බව කීවාය.

ඉකුත් දිනක උපාසක අම්මාගේ සැමියා ගම් කුකුළු මස් කිලෝ එකක් ගෙන තැම්බීය. කුකුළු මස් උයා නා ගැනීමට ගිය පුද්ගලයා ආපසු එන අවස්ථාවේ දී උපාසක බිරිය කුකුළු මස් හැලියෙන් හොදි ටිකක් ගෙන බත් කන අයුරු වයෝවෘද්ධ සැමියා දුටුවේය.

'' ඈ හොදි තියා කෑලිවත් කන්නේ නෑ කියපු ගෑනි අද අපූරුවට මස් කනවා'' කීවේය.

''නෑ නෑ මස් කෑලී ගත්තේ නෑ උයලා තියෙන සුවඳ දැනිලා මට හොදි ටිකක් අරගෙන කන්න ආසාවක් ආවා'' යනුවෙන් ඇය පැවසුවාය. ''ඒක තමා අවුරුදු ගාණක් සිල් ගත්තත් තාම ආසාවල් අතහැර ගන්න බැරි වුණා නේද'' යනුවෙන් සැමියා විමසීය. උපාසක අම්මාට දෙන්නට උත්තරයක් නොමැති වී ඇති බව ආරංචිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka