gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගීතේ අවසන්වී යද්දී යට කර පළා ගිහින්... අනුරාධපුර තරුණයින් 3ක් එතනමයි

අද (9) පාන්දර 02.00 ට පමණ රඹැව – අනුරාධපුර මාර්ගයේ රඹෑව නගරයේ සිට මීටර 500 ක් පමණ දුරින් අනුරාධපුර - රඹෑව ප්‍රධාන මාර්ගයේ 13 සහ 14 කණුව අතරදී  පාරේ ගමන් කරමින් සිටි පිරිසක් කැබ් රථයක ගැටීම නිසා බිහිසුණු අනතුරක් සිදුව තිබෙයි.

අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු යමින් සිටි පිරිසක් අඩ අඳුරේ හප්පා යටකිරීමෙන් අනතුරුව
අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති අතර එය සොයා අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි වාර්තාවේ.

ඊයේ (08) දින රඹෑව විද්‍යාලය ක්‍රිඩාංගනයේ පවත්වන ලද සංගීත සංදර්ශනයක් සඳහා සහභාගි වී නිවෙස් වෙත යමින් සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා තරුණියන් දෙදෙනෙකු පාරේ ගමන් කරමින් තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදු ව ඇත.

පස්දෙනාම මිහින්තලේ රැඹෑව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරන ලද මුත් අවුරුදු 21, 19,14 වයස් වල පිරිමි පුද්ගලයින් තිදෙනා මරණයට පත් වී ඇත.

තරුණියන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර තිබේ.
දේහයන් රඹෑව රෝහලේ තැන්පත් කර ඇති අතර පළාගිය රථය සොයා වැඩිදුර විමර්ශන කටයුතු මිහින්තලේ පොලිසිය සිදු කරයි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka