gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැනඩාවේ දී මරාදැමූ ලංකික පවුලේ අය ගැන ඔටාවා පන්සලේ සුනීත හිමි කියන කතාව

ඉතා අමානුෂික ලෙස කැනඩාවේ නිවසකදී 35 හැවිරිදි ශ්‍රී ලාංකික මවක හා ඇගේ දරුවන් සිව්දෙනාත් තවත් පුද්ගලයෙකුත් මරා දමා දරුවන්ගේ පියාට තුවාල කර පළාගිය 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික පාසල් සිසුවෙකු මේවනවිට අත්අඩංගුවේ පසුවේ.

මෙම ඛේදවාචකය ගැන එම පවුල හා සමීප සම්බන්ධයක් පැවති ඔටාවාහි හෙරොන් පාරේ හිල්ඩා ජයවර්ධනාරාමයේ බෞද්ධ ආරාමයේ අධ්‍යක්‍ෂ නේවාසික භික්ෂුව වන භන්තේ සුනීත හිමි පැවසුවේ පවුලේ අය උත්සව සඳහා තම විහාරස්ථානයට පැමිණ නිතර උපකාර කළ නිසා හොඳින් හඳුනාගෙන සිටි බවයි. හිමි නම ඔවුන් කරුණාවන්ත අය ලෙස විස්තර කළේය.

"ඔවුන් අහිංසකයි. ඒ වගේම ගොඩක් උදව් කරන මිනිස්සු. "

සිද්ධියෙන් දිවි ගලවා ගත් ධනුෂ්ක බැලීමට බ්‍රහස්පතින්දා රෝහලට ගිය බව සුනීත හිමි සිදුවීම ගැන අලුත් තොරතුරු මාධ්‍ය වෙත පවසා තිබේ. ධනුෂ්ක බලන්න මං ගියා.. ඔහුට තාම හොඳ නැහැ, නමුත් "අපි හිතුවට වඩා ටිකක් ශක්තිමත්" හිමි නම පැවසීය.

පවුලේ අය ආරාමයේ සාමාජිකයන් බවත් ඔවුන් තමන්ගේ පුද්ගලික විස්තර පවා හිමියන් සමග බෙදාගත් බවත් පැවසීය. සුනීත හිමිට අනුව ධනුෂ්කගේ පවුල කැනඩාවේ සිටියේ වසරකට ආසන්න කාලයකි. ධනුෂ්ක පළමුව මෙම ස්ථානයට පැමිණියේ 2020 දී, අධ්‍යාපනය අවසන් කර රැකියා බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව බව හිමි නම පැවසීය.

"ගිය අවුරුද්දේ බිරියයි එයාලගේ ළමයි තුන්දෙනායි එයා එක්ක එකතු වුණා. ඇය මෙහි එනවිට ගැබ්ගෙන සිටියා."

ධනුෂ්ක වැඩ කරේ රියදුරෙකු ලෙස Uber ආයතනයේ..ධනුෂ්ක පිරිසිදු කිරීමේ රස්සාවකුත් කරනවා.

සොයිසා කියල දරුවෙක් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගනිමින් මෙහි නැවතී හිටියා. එයා Algonquin විද්‍යාලයේ බව දන්වා තිබුණා.

මේ ළමයගේ උපන්දිනේටත් පන්සලේ පොඩි සැමරුමක් කරා. එයා හොදින් හිටි බවයි මම දැනගෙන හිටියෙ."
තම පවුලේ ක්‍රියාකාරී සාමාජිකයන් සිටි හිල්ඩා ජයවර්ධනාරාමයේ බෞද්ධ අසපුවේ භන්තේ සුනීත හිමි පැවසුවේ බ්‍රහස්පතින්දා තමන් ධනුෂ්ක වික්‍රමසිංහ මහතා සමඟ කතා කළ බවත්, ඔහුගේ ඇස්වල සහ එක් අතක කැපුම් තුවාල හේතුවෙන් රෝහල්ගතව සිටින බවයි.

එම අවස්ථාවේ වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ තමා  බදාදා රාත්‍රියේ වැඩ නිමවී නිවසට පැමිණි බවත් දොර විවෘත කරන විට ඒ වනවිට අනෙක් අය ඝාතනය කර තිබූ තරුණයා තමාටද පහර දුන් බවත් තමා ඔහු මෙල්ල කරගන්නට උත්සාහ දැරූ අවස්ථාවේ ඔහු පළාගිය බවත්ය. අනෙක් වින්දිතයන් සොයා ගැනීමට පෙර තම ප්‍රහාරකයා යටත් කර ගැනීමට වික්‍රමසිංහ මහතාට හැකි වූ බව ඔහු පවසා ඇත.
පොලිස් නිලධාරීන් පැවසුවේ වික්‍රමසිංහ මහතා 911 අංකයට අමතන ලෙස යමෙකුට කෑගසමින් පාරේ සිටිනු දක්නට ලැබුණු බවයි.

ඝාතනයට ලක්වූ හයවැනි පුද්ගලයා වන ගාමිණී අමරකෝන් (40) නැමැත්තා මෑතකදී ශ්‍රී ලංකාවේ සිට පැමිණ පවුල සමඟ ජීවත් වූ හිතවත් අයෙකි. ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනෙකු කොළඹ ජීවත් වන අතර දේහය මෙරටට ගෙන්වාගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව පැවසීය.
හිල්ඩා ජයවර්ධනාරාමය බෞද්ධ ආරාම හිමි පැවසුවේ විපතට පත් වූවන්ගේ පවුල් සඳහා දැනට පරිත්‍යාග එකතු කරන බවත්, සෙනසුරාදා පෙරවරු 11 ට පැල්මඩියෝ උද්‍යානයේ ඉටිපන්දම් දැල්වීමේ උත්සවයක් පවත්වන බවත්ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දිනක සිදුකිරීමට නියමිතය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka