gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇයට ලැබුණ මේ මැණික ඇගේ දෝතට බරක් වෙන්න ඇති.. අනියම් පෙමකින් ගැබ්ගත් තරුණිය අලුත උපන් කිරිකැටියාට කළ අහස පොළොව නුහුලන අපරාධය මෙන්න

ඇයට ඇගේ දෝතට ලබුණ මේ මැණික බරක් වෙන්න ඇති.. ඒ නිසා ඇයට මේ වගේ දෙයක් හිතෙන්නට ඇති..

ඒත් තමන්ගේ කුසෙන් වදපු දරුවෙකුට මෙහෙම කරන්න අම්මා කෙනෙක්ට පුළුවන්ද..?

අලු‍ත උපන් දරුවා පුළුස්සා ඝාතනය කළ 29 හැවිරිදි මවක් මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා...

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව සැමියාගෙන් වෙන්ව ජීවත්වන අතර, වෙනත් සබඳතාවක් හේතුවෙන් ගැබ්ගෙන තිබූ බවයි..

පසුගිය 15 වැනිදා ඇය එම බිළිඳා ප්‍රසූතකර ඇත්තේ සිය නිවස ඉදිරිපිට ගසක් අසළ වන අතර, පසුව බිළිඳා පොලිතින් උරයක බහා එයට ඇඳුම් කිහිපයක්ද දමා කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් කසළ පුලු‍ස්සන ස්ථානයකදී පුලුස්සා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ...

දරු ප්‍රසූතියෙන් පසු අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් කාන්තාව කිළිනොච්චිය රෝහලට ඇතුළත්ව ඇති අතර, රෝහල් පොලිසිය කළ දැනුම්දීම අනුවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ..
.
බිළිඳා පිළිස්සීමට සහය දුන් බවට සැක කරන දේවගැතිවරයෙක් ද පසුව අත්අඩංගුවට ගත්තා..

දරුවා ගිනි තැබූ ප්‍රදේශයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් විසින් සිදු කළ අතර එහිදී බිළිඳා පිලිස්සූ බවට සාක්ෂි කිහිපයක්ද සොයාගැනීමට හැකි වී තිබෙනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka