gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල් කටරොඩු මලෙන් උපන් ...****... හිත ඉල්ලන තරු වැඩසටහනේදී කුමාර ගේ ජනප්‍රිය ගීතයෙන් ‘මුනීන්ද්‍රයාණනී‘ ‘සිරි සමන්ත භද්‍ර‘ වචන හලයි

පසුගිය වසරේ අගොස්තු සැප්තැම්බර් කාලයේ  ජනප්‍රියවූ ගායක කුමාර ඒකනායකගේ මුනින්ද්‍රයානණී ගීතය ගායනා කර තිබුනේ ආන්දෝලනාත්මක සිරි සමන්ත භද්‍ර හිමියන් වෙනුවෙනි.

මෙම ගීතය ඒ කාලයේ විවිධ විවේචනයන්ටද බඳුන් විය.

හිත ඉල්ලන තරු නමැති ස්වර්ණවාහිනී වැඩසටහනට ඊයේ (4) කුමාර ඒකනායක පැමිණ මෙම ගීතය ගායනා කළත් එහි වචන හළා තිබුණි. හැලූ වචන අතර ‘මුනින්ද්‍රයාණනි‘, ‘සිරි සමන්ත භද්‍ර‘ යන වචන තිබුණි.

එයට හේතු සඳහන් කරේ නැති නමුත් එම ගීතය රස විඳීමේදී මෙම වචන අඩුව පැහැදිලි ලෙස කැපී පෙනිණි.

මෙම ගීතය ජනප්‍රිය වූ කාලයේ කුමාර මෙසේ කියා තිබුණි.

" මීට අවුරුදු හතකට කලින් සමන්තභද්‍ර හිමියන් වැඩියා මෙල්බර්න් නුවර අපේ හිතවතෙකුගෙ ගෙදරට.උදේ හවස අපි දානෙ අරගෙන යනවා.කතාබහ කරන්න අවස්ථාව ලැබුණා.හවස දේශන තිබුණා.එක දවසක් ඒවා අහලා ඇවිල්ලා මට සිංදුවක් ලියැවුණා.හැබැයි ඒ මේ සිංදුව නෙමේ.

ඒ සින්දුව ලියවුණේ දේශන ඇසුරෙන්. දවසක් මං හීල් දානය අරන් ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වා මගේ අතින් සිංදුවක් ලියැවුණා කියලා.ඊට පස්සේ හාමුදුරුවො කිව්වා ඊළඟ දවසේ දේශනයට කලින් මේක කියන්න කියලා.ඒ විදියට මම සිංදු කිහිපයක්ම කිව්වා.ඒවත් එක්ක ලියැවුණු ගීතයක් තමයි මුනින්ද්‍රයාණනි ගීතය."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka