gossip lanka

"ඔය ගැටිස්සි ගැන බලාපොරොත්තු තියාගන එක ඉලන්දාරියෙක් මේ ගමේ උන්නා..." - තමා පසුපස හබා එන ශාපයට එරෙහිව අභීතව නැගී සිටි ජයතිස්ස

නයනාගේ නිවසට යාබද නිවසේ සිටි බාරොන් අප්පුහාමි සීයා දිනපතාම පාහේ නයනාගේ පියා සමඟ කතාබහ කරමින් සිටීමට ඇති කැමැත්තෙන් එහි ඒමට පුරුදුව සිටි කෙනෙකි..ඔහු සුපුරුදු ලෙසින් අතීතයේ එක්තරා සිදුවීමක් එදත් නයනාගේ පියා වූ බංඩා සමඟින් කියම්න් සිටියේ එම නිවසේ ඉස්තෝප්පුව තුළ තිබුන පුටු වලට බරවී ගෙනයි..නයනාද බොහෝ කුතුහලයෙන් ඒ කතා ඇසීමට පුරුදුව සිටි අයෙකි..පසුගිය කොටෙසෙ තිබුණේ ඒක ..අද එතැන සිට...
"දවසක් සුදු හමුදාවේ කීප දෙනෙක් ගමට ඇවිත් තිබුන ..මාත් ඒ කාලෙ හීන් කොල්ලා..මට මතක විදියට අවුරුදු දහයක් දොලහක් වගේ ඇති මටත්..උඹල දන්නවද..සුදු හමුදාවේ කීපදෙනා ගමට ආව දා රෑ අර ගැටිස්සි ගමෙන් අතුරුදන් වෙලා.."
බාරොන් අප්පුහාමි කියද්දී නයනා තිගැස්සී ගියේ ඇය එවන්නක් බලාපොරොත්තු නොවූ බැවිනි ..
" හපොයි දෙයි⁣යනේ ..අර සුද්දොද එයා ඇන්න ගිහින් තියෙන්නේ ..?
නයනා ඇසුවේ කුතුහලයෙන් ..
" නැතුව ..අර සල්ලාල ආණ්ඩුකාරයගෙ අනග්ඤාවට අර කා ල කන්නි අර අපූරු ගැටිස්සි උහං ගිහින් .."
" අනේ..සීයෙ..අර සුද්දො ඒ කෙල්ල ම ර ල ද ඊට පස්සේ ..??
නයනා ඇසුවේ කුතුහලයෙන් මෙන්ම භීතියකින් ..ගැහැනු ළමුන් රාත්‍රියේ පැමිණ පැහැරගෙන ගිය පසු අත්වන ඉරනම පිළිබඳව ඇයටද අත්දැකීමක් තිබුණි ..නමුත් නයනා එදා පැහැරගෙන යද්දීම ජයතිස්ස විසින් බේරාගත් නිසා ..නයනාට තිබුන අත්දැකීම සම්පූර්ණ එකක් නොවීය ..නමුදු නයනා එක් දෙයක් නිවැරැදිව වටහාගෙන තිබුන ..ඒ ජයතිස්ස නොසිටින්නට ඇය කෲර ලෙසින් දූ ෂ ණය වී මේවනවිට පොලොවට පස් වීමටද තිබුණු බවයි ..
" අර තිරිසන් සුද්ද මේ කෙලීව දවස් තුනක් තිස්සේ  කෙලෙසල දවස් තුනකට පස්සේ කළු ගඟට දාල තිබුන මි නි ය හම්බ උනේ මුහුදු වෙරළෙ තිබිල .."
බාරොන් අප්පුහාමි සීයා කියද්දී නයනාගේ මව තේ බඳුනක්ද රැගෙන එතැනට පැමිණියේ එය අසල්වැසි ⁣බාරොන් අප්පුහාමිට පිළිගැන්වීමටයි ..
" අර පර සුද්දට හෙ න ග හන්න එපැයි සීයෙ..මහ ති රි ස න් මිනිහෙක්නෙ ඒක.."
නයනා කියද්දී ..නයනාගේ මව හිස ඔසවමින් වත්තට ඇතුළු වන කඩුල්ල දෙස බැලුවේ , වෙනදට මේ වෙද්දී පැමිණෙන තම බෑනා අද තාමත් නොපැමිණීම ගැන සිතමින් ..නයනාද සිටියේ බලාපොරොත්තුවෙන් ..ඔහු පැමිණි පසු රාත්‍රියේ ආහාරය ගත්තාට පසු තමන්ගේ දෙමාපියන්ට හොරා කෙසේ හො තිළිණ කරන හාදුව ගැන නයනාට බලාපොරොත්තුවක් තිබුන ..
" ඒක නෙවෙයි පොඩි දුවේ ඒ කතාවෙ හොඳම ටික.."
බාරොන් අප්පුහාමි සීයා කතාව නයනාටම කියන්නට උත්සාහ කරන්නේ ඇය උනන්දුවකින් බලා සිටි නිසා වියයුතුය ..නයනා බාරොන් සීයා දෙස බැලුවේ කතාවේ ඉතිරි ටික දැනගැනීමටයි ...
"මං කලින් කීවේ ..ඔය ගැටිස්සි ගැන බලාපොරොත්තු තියාගන එක ඉලන්දාරියෙක් මේ ගමේ උන්න කියල ..මට නිච්චියක් නෑ දැන් ඒකගෙ නම..මතකෙ හැටියට නම් ⁣පියසේන වගේ නමක් තිබුණේ ..කොහොමින් හරි මේ පියසේනය යකා උනා මේ දැරිවි මලා කියල දැන ගත්තාම ..ඌ යස්සය වගේ ගොර ඇද ඇද කෙලින්ම ගියේ ආරච්චි වලව්වට..ඒ පියසේනය ලඟ තිබුන ඇත් දළයකින් මිට දාපු කි නි ස් සක්..මාත් වංගියක් ඒක අතට අරන් බැලුව..ඒක නිතරම තිබුණේ උගෙ ඉනේ ගහගන..පුවක් කොලපතකින් කොපුවක් හදල ඒක ඒක ඉනේම ගහගන උන්නෙ ඒ කාලෙ..
තමන්ගේ සෙනේහවන්තිය කෙලසන්න ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්ත හාමුදුරුවන්ට උදව් කලේ ආරච්චිය කියල මූ දැනගන හිටිය ..මූ මොකද කරන්නේ වලව්වට ගිය ගමන් අර ඇත් දළ කි නි ස් ස ආරච්චිලයගෙ කොල බොක්කටම බැස්සුව ..උන්දැ එතනමයි ...පියසේනය කැලෑ පැන්න .."
බාරොන් අප්පුහාමි සීයා නයනා සමඟ කතාව කියමින් සිටියේ බොහෝ සතුටින් ..හේතුව වූයේ මෙවැනි කතා අසන්නට ඔහුට සිටි එකම ප්‍රේක්ෂකයන් පිරිස වූයේ නයනා හා බංඩා නිසාය ..
" ඉතින් සීයේ..ඊට පස්සේ මොකෑ උනේ.."?
නයනා ඇසුවේ කුතුහලයෙන් ..මෙවැනි කතා අසන්නට ඇය තුළ තිබුණේ දැඩි කැමැත්තක් ..රූපවාහිනී ගුවන් විදුලිය වැනි තාක්ෂණික මෙවලම් නොතිබුණු ඒ කාලයේ රාත්‍රියේ බොහෝ විට ගැමියන් ගත කලේ මෙවැනි වයෝවෘද්ධ අයගේ කතා අසමින් ..
" අර ඒජන්ත හාමුදුරුවන්ට මේක ආරන්චි උනා..සුද්ද අඳුකොල පෙන්නපු නයා වගේ කේන්ති ගත්ත ඒකට..සුදු ඒජන්ත හාමුදුරුවෝ මොකද කරන්නේ ..සුදු හමුදාවේ කීප දෙනෙකුත්තෙක්ක ගමට ආව..ඒ ආවේ පියසේනය කුදලගන යන්න ..
පියසේනයත් බලන් හිටියෙ ඒකම තමයි ..ඌ කැලේට වෙලා බලන් හිටියෙ සුද්ද ගමට එනකල් ..අතන දැන් පාලම තියන තැනින් ඉස්සර පාලමක් තිබුණේ නෑ ..ගමට එන අය ආවේ දොලට බැහැල ..වතුර වැඩි වැහි කාලෙට ඔතන ඔරුවක් තියාගන මිනිස්සු එගොඩ මෙගොඩ කරපු මනුස්සයෙක් හිටිය නයිදෙ ⁣කියල..පියසේනය ඇවිත් නයිදෙව ගහක.ගැට ගහල ඔරුව තියාගන ඔතන ඉදල තියනව ඒජන්ත හාමුදුරුවෝ එනකල් ..අස්සය පිටින් ආව ඒජන්ත හාමුදුරුවෝ ..පියසේනය අඳුරන්නෙත් නෑ නෙව..උන්නාන්සෙ හිතුවෙ මේ ඉන්නෙ තොටිය කියාලා..අස්සය එගොඩ බැදල දාල හමුදාවේ අයත් එක්ක ඔරුවෙ නැගල මෙගොඩ කරපං කියල පියසේනයට කියල ..
ඔය ළමය දන්නවද ..පියසේනය ගඟ මැදදී ඔරුව පෙරලල....අර සුද්දො සේරම වතුරෙ...ඒ මදිවට පියසේනය ආණ්ඩුකාරය ඇදගන ගොඩ පීනල..ගඟේ ඉවුරට ගෙනල්ල පන යනකල් මූන වතුරෙ ඔබාගන ඉඳල ..සුද්ද එතනමයි..පස්සෙන් පහු  කැලෑ පැන පැන හිටිය පියසේනය සුදු හමුදාවට අහුවෙලා වෙඩි කාල මලා..!
....................................................
ජයතිස්ස තම නිවසට එදිනේ නොපැමිණීම නයනාගේ ශෝකයට හේතුවක් විය. බාරොන් අප්පුහාමි සීයා රාත්‍රියේ පිටව යනතුරුම බලා සිටියත් එදිනේ ජයතිස්ස රාත්‍රි ආහාරය සඳහා නයනාගේ නිවසට පැමිණියේ නැත.
" ආයිත් කරදරයක්ද මන්ද මගෙ අයියට.....අනේ එහෙම නම් වෙන්න එපා...."
නිදි යහනේදී අනන්ත වාරයක් නයනාගේ සිතිවිල්ල එයම විය..ඈතින් ඇසෙන මූසල බකමූනෙකුගේ හඬ නයනාගේ එම ශෝකය තවත් වැඩි කිරීමට සමත් විය..ඊටත් අමතරව රබර් වත්ත දෙසින් ඇසෙන නරියන්ගේ හූ හඬද රාත්‍රියේ තිබුන ගුප්ත බව වැඩි කිරීමට හේතුවක් වී තිබුණි ..
වස්සාන සමය අවසන් වී තිබුන ගමේ, නොයෙක් තැන්වල පිරී තිබුන වැසි දියකඩිති වල සිටි ගෙම්බන්ගේ සංගීත නාදයද පරිසරය ගිලගෙන තිබුන ..දහවලට වඩා ඒ හඬවල් රාත්‍රියේ පැහැදිලිය ..නයනා ඒ හඬවල්  අසා සිටියේ කඳුළු පිරි දෙනෙතින් ..
" ඇයි මගෙ අයියේ ඔයා ආවෙ නැත්තේ ....අනේ මාව බලන්න එන්න බැරි තරම් තිබුන වැඩේ මොකක්ද ..?
නයනා ජයතිස්ස ගෙන් ඇසිය යුතු ප්‍රශ්න තමන්ගෙන්ම අසමින් රාත්‍රියේ සිටියේ අවදියෙනි..එකී සිතිවිලි වල අවසානයේ නයනා කෙමෙන් නින්ද යද්දී , පරිසරයේ තිබුන සුළං ධාරා වල වෙනසක් සිදුවෙමින් පැවතිනු බව ඇය නොදැන සිටියේ , ඇය නින්දට ඇතුළු වී සිටි නිසාය ..රබර් වත්තට එහා තිබුන වනාන්තරයේ සිට එන සීතල සුළං ධාරා නිසා ඇති වන සීතල නිසාම නයනා පොරෝනය තුළ ගුලිවී සිටියේ සුව නින්දකයි ..
නයනා සිටි කාමරයේ වෙනදාට නම් ඇගේ මවද නිදා ගැනීමට පුරුදුව සිටියාය ..නයනා ඇඳ මත නිදා ගනිද්දී , ඇගේ මව නිදා ගත්තේ ඇඳ අසලම බිම එලාගත් පැදුරක් මතයි..නයනාගේ සහෝදරයා නිදා ගත්තේ ඊට යාබද කාමරය තුළ වූ අතර , බංඩා නිදා ගත්තේද එහිය..නමුදු අද නයනාගේ මව හා පියා සිටියේ මුළුතැන්ගෙය තුළ එලාගත් පැදුරක් මතයි..තාමත් අවුරුදු හතලිස් හතක් වූ නයනාගේ මවත්, ඊට වඩා අවුරුදු අටක් වැඩිමහල් බංඩාත් බොහෝ කලකින් ඔවුනොවුන් අතර තිබුන අඹුසැමි සම්බන්ධතා අළුත් කර ගනිමින් මුලුතැන්ගෙය තුළ සිටිද්දී ..නයනාගේ නිවසේ වසා දැමූ කවුළු වලින් එන සීතල සුළං ධාරා වල ඉවසියනොහැකි සීතලද නිවස පුරාම පැතිර තිබුනි ..නයනාගේ මව හා පියාද කලකට පසුව අළුත් කරගත් ආදරයද සමඟ මුලුතැන්ගෙයි තුළ සුව නින්දක සිටිද්දී ..නයනාගේ නිවසේ ඇගේ කාමරය තුළ පැතිර ගියේ නුහුරු ගඳක් වුවත් , එය දැනෙන්නට කිසිවෙකු හෝ අවදියෙන් නොසිටියාය ..
තමන්ගේ ඇඳ මත නිදා සිටි නයනාගේ පොරෝනය කවුළුවෙන් එන සුළඟින් ක්‍රමයෙන් ඈත් මෑත් වෙද්දී , නයනා ඇඳසිටි චීත්ත ගවුමේ වාටියෙන් පහල සුන්දර දෙපා පැහැදිලිවම දකින්නට ලැබුණි ..කිසියම් අද්‍රෘෂ්‍යමාන බලවේගයක් විසින් නයනාගේ පොරෝනය තවදුරටත් ඉහලට කරමින් ..ක්‍රමයෙන් ඇයගේ පාදවල ඉහල කොටසද මතුකරගනිමින් තිබුණේ කාටත් රහසින් ..
නයනා සිටියේ සුන්දර සිහිනයක් දකිමින් ..විල්ලුද සේද සළු වලින් සැරසුණු යහනක ඇය ජයතිස්ස සමඟ මංගල රාත්‍රිය ගත කරන අයුරු ඇය සිහියෙන් දුටුවාය..ජයතිස්ස විසින් ඇය මෘදු ලෙසින් යහනේ සතපා කරන පිරිමැදීම් නයනාගේ සිහිනයේ උච්ත්තම තැනක තිබුන ..ජයතිස්ස ඇගේ සිරුර පුරා කරන තරවටුවල සෘංගාරාත්මක හැඟීම් නයනාගේ ගත පුරා තිබුන සියළුම ඉඳුරන් අවදි කර තිබුනි ..ජයතිස්සගෙ පෙම්වතිය වී සිටි ඇය ජයතිස්සගෙ බිරිඳ වීමට සූදානම් වන සුන්දර රාත්‍රියේ , එකී අතිශය වින්දනීය මොහොතට මුහුණ දීමට නයනා තම දෑස් පියාගන සූදානම් වෙද්දීම , කාමරයේ මේසය මත තිබුන වතුර වීදුරුව එකවරම පෙරලී ගියේ මහා හඬකින්..තිගැස්සී අවදි වූ නයනා දුටුවේ තම ගත රැඳී සළුපිළි ලෙහා දමා තිබුන අයුරුයි ..
" අම්මා ......"
නයනාගේ හඬින් මුලින්ම බංඩා කාමරයට දිව එද්දී දුටුවේ මේසය මත සිට දිවගිය මීයෙකු..බිත්තිය දිගේ ඉහලට ගිය අයුරුයි..බංඩා එය පැහැදිලිවම දුටුවේ  කුප්පි ලාම්පු නිවාදමා තිබුන නිසා දල්වාගෙන පැමිණි විදුලි පන්දම් එළියෙන්..
" මොකද මොකද පොඩි දුවේ..."?
ඒ සමඟ පැමිණි නයනාගේ අම්මා එසේ ඇසුවේ යහන මත වාඩිවී හති දමන තම දියණිය ගෙන්..
අනේ..අම්මා .
කවුරු හරි මේ කාමරේ ඉන්නව .."
......................................................
පසුදාට එළිවූ පසු නයනාට අම්මා සමඟ කීමට කතාවක් තිබුනි ..එ ඊයේ රාත්‍රියේ සිදුවූ සිදුවීමයි..රාත්‍රියේ තම පියා සිටි නිසා නයනා එය මව සමඟ කීවේ නැතත්, පසුදා නයනා එය මව සමඟ කීවේ , එය ඇයට වදයක් වූ නිසාය ..
" කෝ බලන්න ..කෝ බලන්න .."
කාමරයේ දොර වසා දැමූ නයනාගේ මව නයනා කී ලෙසින් ඇගේ සිරුර පුරා පරීක්ෂා කලේ , එකී සිදුවීම ඇයටද සිතාගත නොහැකි වූ නිසාය ..නයනා කී ලෙසින්ම ඇයගේ පාදවල දනහිසට ඉහල කොටසේ රත් පැහැ වූ නියපොතු වලින් කල සීරීම් දකින්නට ලැබුණි ..සුදු පැහැති සමක් තිබුන නයනාගේ  පාදවල ඉහල කොටසේ සමහර තැන්වල රතු පැහැයෙන් කවුරුන් හෝ විසින් සූරන ලද ආකාරයෙන් තිබුන පැල්ලම් දකින්නට ලැබුණි ..
නයනා ඊයේ රාත්‍රියේදී තම කාමරයට පැමිණි ඇයගේ පියා හා මව සමඟ කාමරයේ කවුරු හෝ සිටින බව පැවසුවේද..නයනා අවදි වෙද්දී ඇයගේ සිරුර මත කවුරු හෝ සිටිනවා ඇයට දැනුන නිසාමයි ..නමුදු බංඩා විසින් කාමයේ පමණක් නොව මුළු නිවස පුරාම විදුලි පන්දම් එළිය දල්වා පරීක්ෂා කලත් කිසිවෙකු හෝ දකින්නට ලැබුණේ නැත..
" වෙන කොහොද පොඩි දුවේ සූරල තියෙන්නේ ..?
නයනාගේ මව ඇසුවේ කුතුහලයෙන් ..තම දියණියට සිදුවූ කරදරය ගැන ඇයට තිබුණේ අනියත බියක්..
" පපුවෙත් තියනව .."
නයනා කීවේ බිම බලාගෙන අපහසුවෙන් ..
" කෝ බලන්න .."
නයනාගේ මව නයනා හැඳ සිටි චීත්ත ගවුමේ කර තුළින් ඇගේ පපු පෙදෙස පරීක්ෂා කරද්දී දුටුවේ නයනා කී ලෙසින්ම නිය පහරවල් වලට රතු වූ තැන්ය..
.................................................
" කළු කුමාරය වත් බැල්ම දාලද කියල හැකයි නංගියෙ මට ..අපේ නයනා දුව හැඩකාර ගැටිස්සි හන්ද ඒක වෙන්න පුළුවන් ..හැබැයි මට ඉන්තීරුවෙන්ම කියන්න බෑ ඒක..කෝකටත් තව දවසක් දෙකක් බලමුකෝ අපි..මතක ඇතුව මීට පස්සේ නංගි ඒ දැරිවිගෙ ලගින්ම නිදා ගන්න...අමුත්තක් දැනුනොත් කාරිය අපි සෙත් සාන්තියක් කරමු..දැනට මෙන්න මේක කාමරේ තැනක එල්ලල තියමුකො බලන්න .."
ගමේ ගුරුන්නානසෙ හමුවීමට ගිය නයනාගේ මවට ඔහු කීවේ එවැන්නකි..ගුරුන්නානසෙ විසින් මතුරන ලඳ යන්තරයක් නයනාගේ මවට දුන්නේ කාමරයේ තැනක එල්ලා තබන්නට යැයි කියමින් ..
" ඇඳ ලඟම බෝල කූඩුවක් තියනව අයියේ ..එතැන එල්ලන්නම්කො එහෙනම් .."
නයනාගේ මව ගුරුන්නානසෙ දුන් යන්තරේ අතට ගත්තේ එසේ කියමින් ..
" ජයතිස්ස ළමයට කෙල්ල තීන්දු කරල නෙව තියෙන්නේ ..ඉක්මනින්ම ඒක එකලාසයක් කර ගත්ත නම් හොඳා කියලයි මට හිතෙන්නේ ..නැත්නම් පස්සෙන් පහු කරදර වෙයි..කෙල්ල හුරුබුහුටි හැඩකාර ගැටිස්සි හන්ද දැන් ඒ ආපු ගොයියත් කෙල්ලගෙ ඇඟට වහ වැටිල ඇත්තෙ ..ඒක හන්ද ..තව කල් ම ර න්නෙ නැතුව ජයතිස්ස ළමයගෙ වැඩිහිටියන්ටත් කියල දෙන්න එක තැනකට කූඩු කලා නම් ..මේව අකාමකා යයි....එතකොට කොහොමටත් ජයතිස්ස ළමය කෙලී ලඟ රෑට ඉන්නවනෙ .."
...................................................
" තාත්තා නම් එළවළු කොටුවේ ඇත්තෙ ..අම්මා ගිහින් ගුරුන්නානසෙ හම්බ වෙන්න ..ඇයි මාමා  හදිස්සියක්ද..?
නයනා නිවසට පැමිණි ජයතිස්සගෙ පියාගෙන් ඇසුවේ කුතුහලයෙන් ..රාත්‍රියේ නාව නිසා ජයතිස්ස උදෑසන ඒවි යැයි සිතමින් නයනා නිවසේ ඉස්තෝප්පුවට වී කඩුල්ල දෙස දෑස් රිදෙනකල්ම බලන් සිටියත්, ජයතිස්ස වෙනුවට පැමිණියේ ජයතිස්සගෙ පියාය..නයනා ඔහු සමඟ කතා කලේ තරමක බියකින් ..ඒ ජයතිස්ස තාමත් නොපැමිණී නිසාමයි ..
" හදිස්සියක්මත් නෙවෙයි දුවේ..ඊයේ රෑ මහ පුදුම දෙයක් උනානෙ..ඒකයි මං තකහනියෙ දුවගෙන ආවේ.."
ජයතිස්සගෙ පියා කියද්දී ..නයනාගේ දෑස් ලොකු වූයේ තවත් කරදරයක පෙරමං ලකුණු ඇයට දැනුනු නිසාමයි ..
................................................
දවස් දෙකකින් එන්නම් ඉතිරි ටිකත් එක්ක .ලයික් කමෙන්ට් වලට හැමෝටම ගොඩාක් ස්තුතියි .මම කතාවක් ලීවට උදේ අටට පිටත් වෙලා, රෑ අටට ගෙදර එන එක්කෙනෙක් ..ඒක නිසා තමයි දවස් දෙකක් ගන්නෙ එක කොටසකට. ජොබ් එකත් බැලන්ස් කරගන තමයි කතාව දාන්නෙ
gossip lanka