තිදෙනාම එක පොදියට දියණිය ගේ කාමරයට දිව ආවත් ඇය පෙනෙන්නට නොසිටියාය..ඇද යටත්,කාමරයේත්,මුලු නිවස පුරා සෙව්වත් දියණියගේ චායාවක් පවා දැකගත නොහැකි විය.මිදුලේ සිදුවන අද්භූත සිදුවීම අමතක කළ නාමල් හා කුමුදු මිදුල පූරා සෙව්වත් කිසිදු හෝඩූවාවක් සොයාගත නොහැකි විය...
------------****-----------
පද්මේ,තාරක,විජිත නොයෙකුත් පලාත් වලින් මේ නගරයට පැමිණ රැකියාකරන තරුණයින් තිදෙනෙකි...වයස අවුරුදු 25 ට ආසන්න වූ මොවුන් සෙල්ලක්කාර තරුණයින් වූහ..එකම ආයතනයක සේවය කරන සේවය නිසාත් සම වයස් වීම නිසාත් මොවුන්ගේ මිතුදම ඉතා සවිමත් විය..
උදා වීමට තිබු දිනය නිවාඩු දිනයක් නිසා අද රාත්‍රියේ බෝඩිමේදී පොඩි අඩියක් ගැසීමට තාරක හා විජිත තීරණය කලෝය.පද්මේ මත්පැනින් තොර අයෙක් වූවත් ඔහුගේ දායකත්වය ද ඊට ලැබිණි...
සාදය කෙමෙන් කෙමෙන් ගෙවෙමින් පැවතිණි..
ඒ බං..මේ පඩිය මදි නේ යකෝ ගෙදරට යවලා.. බෝඩිං ගාස්තු ගෙව්වම අතට කීයද? ඒ හඬ විජිතගෙනි.
ඒක ඇත්ත බං.මේ හදිස්සියට ජොබ් හොයන්නත් බෑනේ..තාරක කීය..
ඔය කතා නෙමෙයි බං.අර මඟුලට මොකද කරන්නේ? මේක අස්සේ තියං ඉදලා කාටහරි මාට්ටු වුනොත් පුතෝ..ආයේ මැරෙනකම් මහඋලුගෙදර තමා..
පද්මේ ගේ කතාවට අනෙක් දෙදෙනාද කලබල වූහ..
පොඩ්ඩක් හිටුකෝ...කෝ අපි හෙට ඇලට විසික් කරමු..
උඹලගේ වැඩ නිසා සතියක් තිස්සේ රෑට නින්දක් නෑ යකෝ....පද්මේ පැවසුවේ ශෝකයකිනි.
ඒක තමා බං කියන්නේ...වරෙන් ශොට් එකක් දාන්න..මේ අපි වගේ...මහ හඩින් පැවසු දෙමිතුරෝ තම වීදුරු වල තිබු මත්පැන් ස්වල්පය එක උගුරට හිස් කළෝය...
ටොක් ..ටොක් ටොක්.!!
"කවුද බං මේ මහ රෑ?? දොරට තට්ටු කරන්නේ"?
පොඩ්ඩක් හිටහං.මං බළලා එන්නම්.අතේ වු කෝකාකෝලා වීදුරුව පසෙක තබමින් පද්මේ දොර දෙසට ඇවිද ගියේය.
දොර විවෘත කරනවාත් සමඟම සීත සුළං රැල්ලක් සමඟ සමන් පිච්ච මල් සුවඳක් හමා ආවේය..
දොර ඇරගෙන එලිය ආ පද්මේ ට කිසිවකු දැකගත නොහැකි විය..
කවුද බාං..? කාමරයේ සිට විජිත කෑ ගැසුවේය.
කවුරුත් නෑ බං..දොර වසා නැවතත තිදෙනා එකතු වුහ..
දොරට සද්ද කරන සද්දයක් හොඳටම ඇහුණනේ බං..
කවුරුත් නෑ බං....මිදුලම සමන් පිච්ච සුවඳයි බං
සමන් පිච්ච??? යකෝ අහල පහල ගෙදරකවත් ඒ ගහක් නෑනේ..
ටොක්..ටොක්..ටෝක්!!!
මොකාද බං මේ සෙල්ලම් කරන්නේ මහ රෑ...හිටාං මං ගිහිං බලන්න...තාරක ඉස්සර විය..
තාරක දොර ඇර බෙල්ල එලියට දමා වටපිට බැලීය...ඔහු දුටුවේ මිදුලේ තරමක් එහාට වන්නට සිටි කුඩා දැරියකි...තරමක වෙරි මතක් තිබු නිසාත් ඔහු දෑස් පොඩි කර නැවත බැලීය..
මටත් විකාර පේනවනේ..මහ රූ කොයින්ද පොඩි ලමයි ....??
ඔහු දොර වසා ආපසු හැරුණා පමණි...
ටොක් ටොක්..ටොක්!!!!
මොන හු#* මේ? ඔහු දොර නැවතත් විවෲත කලේය...
-----------*****-------------
කෝ..පද්මේ අරූ තාම ආවේ නෑනේ..සද්දයක් වත් නෑ..ගිහිං බලහංකෝ....
මිදුලේ වැටිලා වත් ඇති බං ඕකා...දෙක ගහද්දී ඕකට වෙරි නේ...
තාරක....තාරක..පද්මේ උස් හඩින් මිදුලේ සිට හඬගෑවත් කිසිදු පිලිතුරක් නොලැබිණි...
පද්මේ ..පොඩ්ඩක් පාරට ගිහිං බලපංකෝ...පොඩ්ඩ අයියලගේ දිහාට ගියාද දන්නේ නෑ සිගරට් එකක් වත් හොයාගෙන..විජිත වෙරිමතේම මිමිණීය
පද්මේ ටෝච් එකත් රැගෙන පාර දෙසට ගියේය...මේ අතර කුස්සිය දෙසින් සද්දයක් නැගුනේ විජිතගේ අවධානය ඒ දෙසට යොමු කරමිනි.
කවුද ඔතැන....
කුස්සියේ මධ්‍යට වන්නට කුඩා චායාවක් පෙනෙන්නට විය..
කවුද ඔතැන...විජිත තරමක් තදින් ඇසීය..
ඊට පිලිතුර ලෙස වියරු සිනාවක් නැගුනේ විජිතගේ වෙරිමතද සිදී යන පරිදිය...විජිතට පිටු පා සිටගෙන සිටියේ අවුරුදු හයක පමණ දැරියකි...
උඹට මාව මතකද???
කවුද ...උඹ..කවුද..මං දන්නේ නෑ
හොදට මතක් කරපං...බලපං මගේ මූණ අදුරනවද කියලා? පිටුපා සිටි දැරිය හැරෙනවාත් සමඟ විජිත පියවර කිහිපයක් පසුපසට යන්නට විය..
කොහේ යන්නද බොල?? කොහේ යන්නද??
විජිත සාලය දෙසට දිව ගොස් දොර විවෘත කිරිමට උත්සහ කළත් පලක් නොවීය...
පිටුපසින් ඇසෙන ශබ්දය කුමක්දැයි වටහාගත නොහැකිව ඔහු හැරී බැලීය..
කුඩා දැරියට පිටුපසින් සිටගෙන සිටියේ තමා ඇතුලු මිත්‍රයින් අතින් මියගිය තරුණිය බව හදුනාගත හැකිවිය..
හිසින් වැක්කෙරෙන ලේ බිංදු ටස්..ටස් හඩ නගමින් බිමට පතිත වේ..කෑකෑරෙන දැසින් යුතුව පියූමී ඔහු දෙස බලා සිටියේය..
දෙදෙනා අතර පරතරය අඩි 10 කට නොඅඩු විය..
ඇස් පිල්ලන් ගසන වේගයෙන් පාවී ආ කුඩා දැරිය එල්ල කල පහරින් විජිතගේ දකුණු ඇස ගැලවී ගියේය..වේදනාවෙන් හා භීතියෙන් ඔහු නැගු ලතෝනිය ට වඩා දැරියගේ වියරු සිනා හඩ බලවත් විය...තවත් බලවත් පහරවල් මුහුණට හා හිසට එල්ලවෙද්දී විජිත ජීවිතය හැර ගියේය..
-----------*****--------------
මුන්ගේ පිස්සු වැඩ නිසා මටත් නින්දක් නෑ..තාරකයා බෝඩිමට ආයේ ඇවිල්ලත් ඇති..
තාරක සෙවීමට ගිය පද්මේ නැවත හිස් අතින්ම ආවේ තාරක ගැන කිසිදු තොරතුරු ක් නැතිවය..
ඒ ගමන දොරත් ඇර දාලා...
විජිත ...විජිත...මුලු බෝඩිමම අදුරේ වෙලී තිබුණි...
උඹ කොහෙද බං..පද්මේ හඩට පිලිතුරු නොමැත..
ඔවුන් මධුවිතින් සප්පායම් වූ කාමරයෙන් ශබ්දයක් නැගිණි..
ආ...විජිත උඹ ඔතැනද? යැයි පවසමින් එම කාමරයට ආ පද්මේ ට දැකගත වූයේ කාමරයේ කවුරුත් නැති බවයි...
කාමරයේ කෙළවර වන්නට කවුරුන් හෝ එරමිණියා ගොතාගෙන බිම වාඩිවී සිටියේ පද්මේට පිටුපාය...
ඔය කවුද?? පද්මේ වෙවුලන හඩින් ඇසීය..
ඇයි මතක නැද්ද? යැයි හිස හරවා බැලු ඈගේ මුහුණ දුටු විගසම සියලු දේ මතකයට ආවේය..
මතකද මාව??? මතකද...කුඩා දැරියගේ වේශයෙන් පෙනී සිටින පියුමී ගේ හඩ වේදනාකාරි ය..
මට මුකුත් කරන්න එපා...!!මං ඔයාට මුකුත් කළේ නෑනේ..මගේ යාලුවෝ නේ කලේ..
හ්ම්ම්ම්ම්....ඒත් උඹ බලං හිටියනේ..බලං හිටියනේ..බලපිය සාලේ උඹේ එක යාලුවෙක් ඇති..අනිකා උඹලා මාව මරලා තිබ්බ තැනම ඇති...මං ඒ පළිය ගත්තා..
දැන් ඉතිරි උඹ විතරයි..උඹව මං මරන්නෙ නෑ...ඒත් උඹ ගිහින් උඹලා කරපු හැමදේම පොලීසියට කියන්න ඕනී....මොකද උඹලා නිසා අහිංසකයෙක් දුක් විදිනවා...
එසේ පැවසු ඇය පද්මේ ව ඇදගෙන ගොස් විජිත මෑරි වැටි සිටි තැනට දැම්මේය...තම මිතුරාගේ මළසිරුර දුටු ඔහූ තවත් භිතියට පත්විය..
පලයාං..උඹ පොලීසියට ගිහින් කියපං..අහිංසක මාව මරපු විදිහ...නැත්නම් මං තෝව මරන්නේ මේ විදිහට නෙමේ...
පියුමීගේ බියකරු ඝර්ජනාව ඉදිරියේ තමන්ට කිරිමට කිසිවක් නැතිබව පද්මේ වටහා ගත්තේය..
--------------*****----------
සිදුවූ සිදුවීම් නිසාත් සිහි විකල් තත්වයට පත්ව සීටි පත්ව සිටි පද්මේ යථා තත්වයට ගැනීමට පොලිස් නිළධාරීන් ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය...
බියෙන් ගැහෙමින් හා අඩමින් පද්මේ පොලීසිය ඉදිරියේ තම පාපොච්චාරණය සිදු කලේය...
"අපි එදා කලින් වැඩ කරලා බෝඩිමට එන ගමන් හිටියේ..අපි කඩමණ්ඩියේ හිටිද්දී දැක්කා ඔය පියූමී ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා...අපී වීල් එකෙන් ඒකීව ෆලෝ කළා..
ඒ පට්ට කෑල්ලක් බං..මොකෝ කරන්නේ?
අල්ලලා දාගමුද බං? මොකෙක් වත් පේන්නත් නෑ..විජිත කීය..
මේ පිස්සුද බං.බෙල්ල ගහලා යන වැඩ ඔව්වා..පද්මේ එම අදහසට විරුද්ධ විය..
අනේ උබ හිටහං පද්මේ..තාරක උඹ මොකෝ කියන්නේ ? කෙල්ල උස්සමුද?
හරි වැඩේ කරමු..පද්මේ වීල් එක ගනින්..
උන් දෙන්නා ඒකීව වීල් එකට බලෙන් දාගෙන බෝඩිමට අරං ආවා මහත්තයෝ...ඊට පස්සේ සෑහෙන දේවල් වුනා..ඒකීගේ සද්දේ ඇහෙන්න අහල පහල කවුරුත් හිටියෙත් නෑ.
කෙල්ලව ගෙදර යවපං කියලා මං කොච්චර කිව්වත් උන් දෙන්නා ඇහුවේ නෑ.. පාන්දර වෙද්දී ඒකී පැනලා යන්න හදද්දී විජිතයා ගහපු පාරකට ඒ කෙල්ලගේ ඇහැක් එලියට පැන්නා මහත්තයෝ ....කෙල්ල ඒත් මැරුනේ නෑ..තාරක කලු ගලක් අරං ඇවිත් ඔලුවට ගහලා ඒකීව මැරුවා...ඊට පස්සේ බොඩි එකත් අරං උන් දෙන්නා වීල් එකේ ගියා සර්..මං දන්නේ එච්චරයි..
පහුවදා තමා බස් එකේ තිබිලා ඒකීගේ මිණිය හම්බුනේ...
--------------****-------
පොලීසිය පසුදා කල සෝදිසි කිරිම් වලදී කඩමණ්ඩියේ නවතා තිබු බසය තුලදී මළසිරුරක් සොයාගැනීමට හැකිවු අතර එහි හිස් කබල පුපුරා යන ලෙස පහරවල් කිහිපයක් එල්ල වී තිබු අතර ගලා ගිය ලේ වලින් බසයේ බිම තෙත්වී තිබිණි...එය තාරක ගේ බව පද්මේ විසින් හදුනාගන්නා ලදී...
බෝඩිම පරික්ෂා කිරිමේදී විජිතගේ මළ සිරුරත් පොලීසියට අවශ්‍යම කර තිබු පියුමීගේ පාසැල් බෑගයත් සොයාගත හැකි විය ..
පද්මේගේ පාපොච්චාරණය නිසා සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පියුමීගේ පෙම්වතා වූ තිලිණ නිදහස් විය..
අතුරුදහන්වූ නාමල් ගේත් කුමුදු ගේ ත් සිගිති දැරිය නැවතත් නිවස තුලදීම නිරුපද්‍රිත ව සිටියදී හමුවීය..ඈගේ අවසන් මතකයේ තිබුණේ තම මව සමඟ පසුගිය රාත්‍රියේ නින්දට යෑම පමණි.
------------****------------
තරුණියක් පැහැරගෙන යාමට අනුබල දීම හා මීනිමැරුමකට සහය දීම චෝදනා යටතේ වැරදිකරු වු පද්මේ ජීවිතාන්තය දක්වා සිරගෙට නියම විය..
තමන්ගේ ජීවිතය විනාශ කළ අයගෙන් පලිගත් පියූමීගේ ආත්මයද ආයේ කිසිදිනක දකින්නට නොහැකි විය..
-----------නිමි--------------
ප.ලි :-මේක මගේ පලවෙනිම කතාව..බසයේ මරණය පලමු කොටසට සෑහෙන තරම් හොඳ ප්‍රතිචාර ලැබුනා .
ඒකත් නිසා 1කොටස ට හානි නොවෙන විදිහට අවසන් කොටස නිර්මාණය නවකයෙක් වුන මට සෑහෙන අභියෝගයක් වුනා...සාර්ථක අවසානයකකින් කතාව ඉවර කරන්න ලෑබීම ගැන සතුටු වෙනවා..හැමෝටම ස්තූතියි..
-ක්‍රිෂාන් සම්පත්-