gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට හරියටම හරියන්නේ කවුද? නෝනා හස්බන්ඩ්ලා, ටෙස්ට් කර කර ගිහින්... තුනකින් කෙළවර වෙලා අතටම මාට්ටු!

මේ වනවිට ඇයගේ වයස අවුරුදු විසි අටකි. රූමත්ය. නිතරම රූපලාවන්යි උපකරණ ද පාවිච්චි කළාය. 

බාලවයසේ සිටම නිල් චිත්‍ර පටිවලට ද ඇබ්බැහි වූ ඇය වයස දාහතේදී කොළඹ ප්‍රදේශයේ තරුණයෙකු හා විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2010 වසරේය. එම විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළාය.

එම විවාහය පැවැතියේ වසර දෙකකටත් අඩු කාලයකි. සැමියා විදේශ රැකියාවක් සඳහා ගිය අතරේ 2013 වසරේදී ඇය ගම් පළාතේ පුද්ගලයෙකු සමග දෙවන වරටත් විවාහ වූවාය. එම විවාහයෙන් දරුවන් පරපළ ප්‍රසූත නොකිරීමට ඇය වගබලා ගත්තාය. එහෙත් එම සැමියා ද ඇයගේ හිතට හරි ගියේ නැත. වසර තුනකින් විවාහය කෙළවර විය.

ඇය තුන්වැනි වරටත් විවාහ වූවාය. එසේ විවාහ වූයේ 2016 වසරේය. පෙර දෙවතාවක්ම ඇය විවාහ වී සිට ඇති බවක් ඔහු දැන සිට නැත. තුන්වන සැමියා සමග ද ඇය සිටියේ ඉතා කෙටි කාලයකි. වසර තුනකින් ඇයගේ තුන්වන විවාහය ද කෙළවර විය. මේ අතර දිනක් ඇය එක්තරා අර්ධ රාජ්ය් ආයතනයකට පැමිණි අවස්ථාවේ එහි සේවය කරන නිලධාරියෙකු හඳුනා ගත්තාය. ඇයගේ රූමත් සිරුරට ඔහුගේ සිතේ ද ආදරයක් ඇති විය. ඇය තමාගේ බිරිය කරගන්නට ඇත්නම් කොපමණ හොඳදැයි ඔහු සිතුවේය. එම සිතිවිල්ල පල දැරුවේය. ඇයගේ යටි සිත ද සතුටින් පිරී ගියේය.

ඒ අනුව 2023 වසරේ දිනක ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කළේය. ඒ, ඇයගේ සිව්වන විවාහය බව ඔහු දැන සිටියේ නැත. කෙසේ නමුත් සිව්වන විවාහයෙන් ඇය දරුවකු ප්‍රසූත කළාය. ටික කලක් යනවිට ඔවුනගේ විවාහය දෙදරා යාමට පටන් ගත්තේය. ඇය ඔහු සමග නිතර නිතර රණ්ඩු සරුවල් කර ගත්තාය. මේ අතර ඇයගේ පෙර වැරදි රැසක් ද ඔහුගේ කණට වැටෙන්නට විය. ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. ඔහු එසේ පැමිණියේ ඇයගේ පෙර විවාහ සහතික තුන ද සොයා ගෙනය. තමා පත් වූ තත්ත්වය ගැන ඔහු සැබැවින්ම කම්පාවට පත්ව සිටියේය. පොලිසිය පැවසුවේ විමර්ශනවලින් පසු බහු විවාහ චෝදනාව යටතේ ඇයට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බවය.
උපුටා ගැනීම ලංකාදීප පුවත්පතිනි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka