gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාස 10කට පසු බිරිඳ ගේ මරණයට සැමියා හසුවෙයි - මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ දේ!

ත්‍රීරෝද රථයෙන් ඇදවැටී හිසට බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බිරිඳ, මාසයකට පසු මියයාම ඝාතනයක් බවට පොලිසිය සැකපළ කරනවා.

ඒ,අනුව සැකකර ඇයගේ සැමියාව අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය කටයුතු කරනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ,බදුරලිය, මාරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු 2023 අප්‍රේල් 10 වනදා රාත්‍රියේ සිය බිරිඳ වන එම්. බී. කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇදවැටී තුවාල ලැබූ බව සඳහන් කරමින් බදුරලියේ ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබුනා.

අනතුරුව ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමෙන් පසු 2023 මැයි මස 7 වනදා ඇය මියගොස් තිබෙනවා.

ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ, මොට ආවේගී බලවේගයකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් එම කාන්තාවගේ මරණය සිදුව ඇති බවට විශේෂඥ අධිකරණයට වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සටහන්ව ඇති බවයි.       

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka